ඇවිද්ද පය දහස් වටී....

0 comments
අප්පේ සෑහෙන කාලෙකින් ආවෙ බ්ලොග් එක පැත්තෙ.හම්බ වුන නිවාඩුව හිතාගන්න බැරි තරම් දිග එකක් වුනා.ජීවිතේ කවදාවත්ම නොගිය තැන් ගොඩකට යන්න පුළුවන් වුනා මේ දවස් ටිකට.නිදහස් මිනිහෙක් ගේ ජීවිතේ තියන වටිනාකම කොයි තරම් ද කියලා මේ මාස දෙකේ  දී හොදටම තේරුණා.පවුල් පන්සල් වෙලා හිටිය නම් කවදාවත් ම මේ ගමන් යන්න හම්බ වෙන්නේ නෑ නේ.හී හී ...
                                                                    ඔන්න ගමන පටන් ගත්තේ රිවර්ස්ටන් වලින්,ඊලගට යාලුවෙක් ගේ ගෙදරක ගියා යටවත්තේ.පොරගේ ගෙදර ලග තියනවා කන්දක්...හවස් වෙලා නැග්ග ඒ කන්දත්.ඊලග දවසේ උදේම අලුවිහාරේ පන්සල වැඳලා ඒක ලගින්ම හදල තියන බුදු පිළිම වහන්සේ  බලල වන්දනා කරලා එන්න ගියා.ඊට පස්සේ ගියා යාලුවෝ දෙතුන් දෙනෙක් එක්ක මහමෙව්නාවට.හැබැයි  වැඩසටහන් වලට නම් යන්න බැරි වුනා තවම.යන්න ඕනේ ඊලග පෝයට.ඊළගට ගියා අම්බුළුවාවේ.එහෙ ගිහින් හවස පෙරහරත් බලන්න ගියා.ඊට දවස් දෙකකට විතර පස්සේ අවසාන රන්දෝලි පෙරහැර බලන්නත් යාලුවෝ ටිකක් එක්ක ගියා...ඊයේ හවස ගියා යටවර තියන ලස්සන පන්සලක් බලන්න.ඒක තියෙන්නේ වෙලක් මැද.පුදුම ලස්සනක්. ඔන්න අපේ විස්සයි  විස්සේ තරගෙ   බලන්නත් ගියා ඊයේ රෑ.ඒක නම් පැරදුනා.එත් ඉතින් හැමදාම දිනන්නේ නෑ නේ.මැච්  ඒක බලපු සතුට හිතේ තියාගන දුකක් නැතුව අවා.තව යන්න හිතාගන ඉන්න ගමන් නම් ගොඩයි.
                        මාස දෙකක නිවාඩුව ගෙදරට වෙලා නිකම් ම ඉන්නේ නැතුව මේ වගේ දැකපු නැති ගොඩක් තැන් බලන්න යන්න පුළුවන් වුන ඒක ගැන නම් හිතේ තියෙන්නේ ලොකු සතුටක්. හැමදාම   මෙහෙම ඉන්න පුළුවන් නම් කොච්චර හොදයි ද...මම ගියපු ගමන් වලදී ගත්ත ඡයාරූප ඇති මගේ flicker ගිණුමේ.ඔයාලත් ගිහින් බලන්න.ලංකාව කොච්චර සුන්දර රටක් ද කියලා හිතෙයි  එතකොට.   

Post a Comment