• අපේ ලිපි

    අපේ ලිපි

    සංචාර,දේශපාලනික,අප අවට සමාජය,වටිනා මිනිස්සු

  • පරිගණක

    පරිගණක

    මෘදුකාංග,ජාවා පන්තිය,Web Designing,හොර වැඩ

  • සංගීතය

    සංගීතය

    ගී තනු,mp3,අලුත්ම වීඩියෝ,සංවාද

  • ඡායාරූපශිල්පය

    ඡායාරූපශිල්පය

    ෆොටෝෂොප්,අලුත්ම විස්තර,පිටරට දේවල්,ගැලරිය

  • ඔබේ දැනුමට

    ඔබේ දැනුමට

    අලුත් අලුත් දේවල්

  • එක්වෙන්න අපි එක්ක

    එක්වෙන්න අපි එක්ක

Showing posts with label ගී තනු. Show all posts
Showing posts with label ගී තනු. Show all posts

ගී තනු 16 :හන්තානට පායන හඳ-අමරසිරි පීරිස් මහත්මයා

0 comments

ගායනය : අමරසිරි පීරිස් මහත්මයා

හන්තානට පායන හඳ
ලස්සනයි ද කියන්න..
මා නොදකින ඒ පුර හඳ
ඔබට හැකිය දකින්න..//

අඳුරු ලලා වහිනා කල
සරසවි බිම තෙමෙන්න..//
කුඩේ යටින් ඔබ යන කල
එපා තනිය දැනෙන්න..

ලතා මඩුළු අත වනාවි
එපා අහක බලන්න..//
මා ගැන මතකය ගුලි කර
මහවැලියට දමන්න...

හන්තානට පායන හඳ..



Read more

ගීතයක අදහස:එදා මෙදා තුර-සනත් නන්දසිරි මහත්මයා

3 comments


මුලින්ම කියන්නම්,මේක උපුටාගැනීමක්.මම මේක දැක්කේ මුණු 

පොතේ Ru(රූ) කියන පිටුවෙන්,මම එහි කාර්ය මණ්ඩලයෙන් විමසුවා 

මගේ අඩවියේ මෙය පල කරන්නද කියා.එවිට ඔහු කිව්වේ එය ලැබුණු 

විද්‍යුත්  පණිවිඩයක් බව.මෙහි සැබෑ හිමිකරු ගැන නම් ආරංචියක් 

නෑ.ඔහු දොස් කියන එකක් නැති වෙයි මෙය පල කරාට කියලා 

හිතනවා.හිමිකරු ගැන දන්නවා නම් තොරතුරක් ලබාදෙන්න...


දවසක් සංගීත් නිපුන් සනත් නන්දසිරි මහත්මයව හම්බවෙන්න තරුණයෙක් එනව. දන්න විදියට දුම්රිය 
පළක ස්ථානාධිපති කෙනෙක්. මේ කෙනා ගීයක පද පේළි...යක් ලියුව කඩදාසියක් සනත් නන්දසිරි 
මහත්මයාට දීලා කියල තියෙනව "මහත්තයෝ මේ මම ලියන අන්තිම
සින්දුව.මම අයෙත් සින්දුලියන්නෙ 
නැහැ. පුලුවන් කමක් තියෙනවානම් ඕක කියන්න" ය කියල... සනත් නන්දසිරි හොඳින් පැදි පේලිය 
කියවල අහනවා "ඇයි මේ වගෙ දෙයක් ලියන්න හේතුව" කියල. පිලිතුර වෙන්නෙ "ඕක මගෙ ඇත්ත අත්දැකීම" යන්න පමණයි...

මේ තරුණයා දහසක් බලාපොරොත්තු තියාගෙන තම පෙම්වතියට අසීමිත ලෙස ආදරය කරපු පෙම්වතෙක්. 

ජීවිතෙ මොන ප්‍රශ්න ආවත් තම ආදරය හැර නොයන්න මේ දෙදෙනා ගිවිස ගන්න ඇති. ඒත් මාපිය  
පාර්ශවයෙන් මේ දෙන්නට කිසිම බුරුලක් හමබවෙන්නෙ නැහැ. දෙමව්පියන්ගේ බලපෑම නිසාම මේ 
තරුණියට සම්බන්ධය නවත්තන්න වෙනවා...
ප්‍රේමයේ නාමයෙන් සිදුවුනු පොරොන්දු තමා අතින්ම කඩ කෙරෙනකොට ඒ වරද තවත් ඉවසා දරාසිටින්න 
ඇයට බැහැ. අපේක්ෂා භන්ගත්වය උපරිමයි. අවසන් ප්‍රතිපලය වෙන්නෙ තමාට තවදුරටත් පොලෝ තලයෙ 
ජීවත් වෙන්න ඇති අයිතිය තමන් විසින්ම උදුරා ගැනීම....ඔව් තරුණිය සියදිවි නසා ගන්නවා..!මේ පෙම්වතා මේ කිසි දෙයක් දන්නෙ නැහැ. ඇත්තම කිව්වොත් ඔහුත් ඇයගේ ගෙදර හා සම්බන්දයක් 
තිබිලා නැහැ. ඒත් හදිස්සියේම තරුණියගෙ පියා මොහුට වහාම එන්න කියලා පණිවිඩයක් එවනවා. මොහු 
ඒ වෙලාවෙ අතිශය ප්‍රීති ප්‍රමෝදයට පත් වෙනෙවා.මොකද කියනවා නම් ඔහු හිතාගෙන ඉන්නේ මේ 
කතාකරන්නේ කාලයක් තිබ්බ විරෝදකම් අහවරක් කරලා කැමැත්ත දෙන්න තමයි කියල. ඒත් ගේ 
ඉස්සරහ සුදු කොඩි..! තරුණයාට මතක් වෙනෙවා පෙම්වතියගෙ ආච්චි ගොඩක්ම වයසයි කියල. ඔහු ගෙට 
ගොඩ වෙන්නෙ තම පෙම්වතියගෙ මියගිය ඥාතියාට ගෞරව කරන්න...ඒත් ඔහුගේ ජීවිතය හා බැඳිච්ච දෛවය ඔහුට කොච්චර අකාරුණිකද කියනව නම් ඔහුට අවසන් ගෞරව 
දක්වන්න වෙන්නෙ තාමගෙම ආදරණීය පෙම්වතියට.ඒ වෙලාවෙ ඔහුගෙ සිතට ඇතුළුවන හැඟීම් සමුදාය 

තමයි මේ විදියට ගීතවත් වෙන්නෙ...





එදා මෙදාතුර කඳුලට විවරවූ - දෑස් පියන්පත් කවුළු වසා

ළයේ ගලා ගිය සෙනේහයේ සුව - සිනා පෙරූ රත් දෙතොල පියා...

මිලාන වී ගිය රෝස කුසුම් පෙති

කම්මුල් සුදු මැලි පාට පොවා
දෑත ළයේ බැඳ අවසන් ගමනට
සොඳුරිය මට නොකියාම ගියා...

දැස් කවුළු පත් පලා කඳුළු කැට

වැහෙද්දී මගේ දෑස් අගින්
කාත් කවුරුවත් වෙතත් හිතයි මට
පාත් වෙන්න ඔය මුවට උඩින්...
ඈත්ව යන්නට සමුගෙන කවුරුත්
ඔබෙ මුව දොවතත් සුවඳ පැනින්
මාත් මගෙ හිතටත් ඔබ සුවඳයි
ඈත්නොවේමැයි ඒ සුවඳින්...

ඊයේ ඉපදී අද මිය යන්නට


පෙරුම් පුරාගෙන උපන් ළයේ..

හීයේ වේගෙන් අහස උසට බැදි
ආදර ලොකය හෙටත් තියේ....

ඒත් ඉතින් දැන් සොඳුරියෙ ඔබ නෙත..

ඇයි මේ ලොව මා තනිව ගියේ...
ආයේ දවසක එක හිත් ඇත්තන්..
වී අපි ඉපදෙමු එකට ප්‍රියේ


Read more

ගී තනු15:ඇහි දාර මත දුක -සේනානායක වේරලියද්ද

0 comments

ගායනය :සේනානායක වේරලියද්ද




ඇහි දාර මත දුක දෝරේ ගැලුවට නෑ  ඔබ එන්නේ....
හිත වද දේවි ඔබ ඉල්ලලා ......ඔබ ඉල්ලලා ........// 

කවියාක් වාගේ ජීවාත් වෙන්න තාලේ ගෙනවිත් දෙන්න
පදවැල් එළිවැටේ ලඟම නතර වෙලා.....//
ආදරේ නමෙන් මියැදෙන්න හැදුවත් ...
දුකමයි සෙතක් වෙන්නේ නෑ හිත පිළිගන්නෙම නෑ....

ඇහි දාර මත දුක දෝරේ ගැලුවට .......

හිතුවාත් ගලන ගඟසේ  ඉන්න බාදා අතරලා
ගලන ආදර කතරේදී හිඳිලා ගියා .....//
ආදරේ නමෙන් මියැදෙන්න හැදුවත් ...
දුකමයි සෙතක් වෙන්නේ නෑ හිත පිළිගන්නෙම නෑ....

ඇහි දාර මත දුක දෝරේ ගැලුවට .......//


Read more

ගී තනු 14:පෙරුම් පිරුවේ මම සමනලයෙක් වෙන්න-අජිත් කුමාරසිරි

0 comments
ගායනය :අජිත් කුමාරසිරි

 

 

Sri_lankan_army_Sri_Lanka_soldiers_army_06_January_2009_news_012

පෙරුම් පිරුවේ මම සමනලයෙක් වෙන්න

සිද්ධ වුනේ මට යුධ සෙබලෙක් වෙන්න

 

සමනල්ලු ඉගිල්ලුනා යුද්ධයදිගහැරුනා .........//

 

නිදා ගත්තේ නෑ හීන දැක්ක විතරයි

කඳුළු අවේ නෑ ලේ ගැලුවා මතකයි

සින්දු කිව්වේ නෑ වෙඩි තිබ්බා  විතරයි

 

හොඳම සොල්දාදුවා මමයි...//

පෙරුම් පිරුවේ මම

 

ඈත ඉඳන් බලන් ඉන්න අය ත්‍රිල් ගන්න....

සටන් බිම හරි බයානකයි මං වින්ද

 

වෙඩි සද්දෙට කුරුල්ලෝ බය වෙන හැටි හොඳටම දන්න

හොඳම සොල්දාදුවා මමයි..........//



Read more

ගී තනු 13:ඔබ පිපුනා:කසුන් කල්හාර

0 comments

ගායනය:කසුන් කල්හාර


ඔබ පිපුනා - මගෙ නෙත් රිදෙන මානේ
ඔබ සැලුනා - මගෙ සුසුම් වැල් ගානේ
ඔබ දිලුනා - මේ තරු වැරු අහසේ
ඔබ රැඳුනා - සොඳුරු සිහිනේ

ඔබ පිපුනා...


ආදරේ  මං මේ දකින සිහිනෙට
හතරවට මල් පිපෙන මේ සිහිනෙට
නෙලා ඒ මල් සිහින මේ සිහිනෙට
මටම මා රවටෙනා සිහිනෙට....


ඇසෙන්නේ ඔබ මුමුණනා වදනුයි
දැනෙන්නේ මේ ඔබ එවූ මද පවනයි
වෙලෙන්නේ මා වටේ ඔබේ දෑතයි
සැලෙන්නේ සිත අවදි වේ යයි බයටයි....


Read more

ගී තනු 12:මගේ මනමාල සුකොමාල -සුරේන්ද්‍ර පෙරේරා

0 comments
ගායනය:සුරේන්ද්‍ර පෙරේරා



මගේ මනමාල  සුකුමාල  සුපෙම්වති
නීල ඔය දෑස නිල්මිණි සේම මට දිස්වුණි

ඉන්න ඝන අඳුරේ බැබැලෙන්න සද පෑයූ සේ
ඉන්න මගේ තුරුලේ මට සීත නෑ දැන් ප්‍රියේ

ආදරේ කොයිතරම් සුන්දරයිදෝ කියා
ඔන්න අපි කියමු මුළු ලොවට හඬගා සුදා

මා ලගින්......සැතපිලා...//

ඉන්න මගේ ලෝකෙ මිණිපහන ඔබමයි කියා....//

මගේ මනමාල  සුකුමාල  සුපෙම්වති
නීල ඔය දෑස නිල්මිණි සේම මට දිස්වුණි

ඉන්න ඝන අඳුරේ බැබැලෙන්න සද පෑයූ සේ
ඉන්න මගේ තුරුලේ මට සීත නෑ දැන් ප්‍රියේ

රෑට සඳ කුමරු ඇවිදිල්ල තරු පිරිවරා
ලස්සනයි අහස සැරසිලා තරු රූ රටා

ආදරෙන් ......ලංවෙලා....//
ගන්න මගේ දෑත අපි විඳිමු සැනසුම සදා...//

මගේ මනමාල  සුකුමාල  සුපෙම්වති
නීල ඔය දෑස නිල්මිණි සේම මට දිස්වුණි

ඉන්න ඝන අඳුරේ බැබැලෙන්න සද පෑයූ සේ
ඉන්න මගේ තුරුලේ මට සීත නෑ දැන් ප්‍රියේ.........



Read more

ගී තනු 11:ගර්ල්ස් - අමිල සඳරුවන්

2 comments
ගායනය:අමිල සඳරුවන්
සංගීතය: නිමල් මෙන්ඩිස්

දෑසේ ගැවුනා - මා මන්මත් වුනා
දඹ රන් වැනි - මේ බෝනික්කෝ
දැකීමෙන්  දැනී සුව - සිනා නගන්නකෝ
ගර්ල්ස් ගර්ල්ස් ගර්ල්ස්...
මගේමයි - රැස් විහිදෙයි හදේ 
ආ නංගි ඉමු ලංවී....

මා මැරෙයි මා මැරෙයි - දෙයියනේ මැරෙයි
කෙළිලොල් කෙල්ලෝ - මට අහිමිව යාදෝ
මා සනසන්නෝ - ලැබේ නම් සියල්ලෝ
ගර්ල්ස් ගර්ල්ස් ගර්ල්ස් ගර්ල්ස්...
සැනසුම් ගෙනෙයි කෙල්ලෝ - මායිම් කොහේදෝ

සන්සුන්ව ඉන්නයි - උත්සාහ ගන්නේ
හිත හීලෑ නොවීලා - මගේ ආත්මය ගිලීලා
පුපුරාවිදෝ හද ගිනිගනීදෝ
ජේත්තුකාරී - ඔබයි මායාවී
මල් පුසුඹ ගෙනා - නිල් නයන පීනා
බෑ නික්ම යන්න - මට ආසයි රැඳෙන්න
බලා ඉන්න ඕනේ
ගර්ල්ස් ගර්ල්ස් ගර්ල්ස් ගර්ල්ස්...

දෑසේ ගැවුනා.....



Read more

ගී තනනු 10:තොල් පෙති ගාවල බලමුද -අජිත් කුමාරසිරි

1 comments

  ගායනය :අජිත් කුමාරසිරි

 

 

තොල්පෙති ගාවල බලමුද -හිත් හදුනනවද  කියලා

මුහුණ බලාගෙන හිදිමුද -අපි හදුනනවද කියලා

 අතැගිලි අල්ලන් ගනිමුද - අපි හමුවෙනවද කියලා...//

 

රෑ මුළු අහසම ඔබම වෙන්න......

මුළු මහා පොළොවම ඔබම වෙන්න......

ගස් වැල් තරු මල් ඔබම වෙන්න.......

ඔය පෙම්බර හිත මගේම වෙන්න.......

 

තොල්පෙති ගාවල බලමුද -හිත් හදුනනවද  කියලා

මුහුණ බලාගෙන හිදිමුද -අපි හදුනනවද කියලා

 අතැගිලි අල්ලන් ගනිමුද - අපි හමුවෙනවද කියලා

 

දුක් සංකා ටික දුරුව යන්න......

පෙම් බස් වල ටික දුරක් යන්න.......

තනිකම වෙනුවට හවුල් වෙන්න......

ඔය පෙම්බර හිත මගේම වෙන්න......


 

තොල්පෙති ගාවල බලමුද -හිත් හදුනනවද  කියලා

මුහුණ බලාගෙන හිදිමුද -අපි හදුනනවද කියලා

 අතැගිලි අල්ලන් ගනිමුද - අපි හමුවෙනවද කියලා

 

 

 



Read more

ගී තනු 9:සුළඟ නුඹ වගේ -කරුණාරත්න දිවුල්ගනේ

0 comments
ගායනය :කරුණාරත්න දිවුල්ගනේ
පද රචනය : යමුනා මාලනී පෙරේරා
සංගීතය : ගුණදාස කපුගේ

 




සුළඟ නුඹ වගේ සිත් මල වටා එතේ
මල් සුවඳ හොර හොරෙන් අරන් යන්නටම හදයි
වැස්ස නුඹ වගේ සිත් මලට ඇදවැටේ
මලේ පාට නොසේදීම පුදුමයක් තමයි

 සිත හැඳිනුවෙත් ඔබයි
පසු පසම එළව එළවාවිත් සැනසුවෙත් නුඹයි
නුඹ මගේ සිත අරන් ගියා පුදුමයක් නොවෙයි

 සිත තනිකලෙත් නුඹයි
මගෙ සිතේ සියුම් තැන් සොය සොය රිදවුවෙත් නුඹයි
ඒත් නුඹෙන් සිත නොමිදේ පුදුමයක් තමයි

 

 



Read more

ගී තනු 8:ඇයි මස්සිනේ පෙම් කලේ අපි එක මලට - එඩ්වඩ් ජයකොඩි සමග සුනිල් එදිරිසිංහ

0 comments

 

ගායනය : එඩ්වඩ් ජයකොඩි සමග සුනිල් එදිරිසිංහ

 

 


පලංචියේ ලී ඉරුවේ අපි එකට
 මල් පැන් පොදක් රහ බැලුවේ අපි ‍එකට
 එක වාඩියේ කල් ඇරියෙත් හිත හොදට
 ඇයි මස්සිනේ පෙම් කලේ අපි එක මලට

 

 විරසක වී රුපුන් ලෙස යුද වදින්නද
 කුළුදුල් පෙම මෙයයි ඉන් අත් ‍මිදෙන්නද..
පෙම්දම් නිසා මිතුදම් සිඳ දමන්නද..
හොදහිත නු‍ඹෙ තරම් ලොවකින් ලබන්නද..

 

පලංචියේ...//

 

දොඩමලු කතා නැහැ අද වාඩිය හෙවනේ
 නිදිනැති රැය පුරා නුඹෙ සුසුමයි ඇසුනේ..
හොර රහසින්ම එක සුවඳක් පැතු පවනේ
 නුඹවත් නැතිවේද හෙට මට සකි සඳුනේ...

 

පලංචියේ...//



Read more

ගී තනු 7:ගමට කලින් හිරු මුළුතැන්ගෙට වඩනා-කරුණාරත්න දිවුල්ගනේ

2 comments

ගායනය :කරුණාරත්න දිවුල්ගනේ

 

 

ගමට කලින් හිරු මුළුතැන්ගෙට වඩනා
ඒ හිරු එළියේ නැණ මල් පොඩි පිපුණා
ඒ මල් සුවඳේ අද ලොව්තුරු සුව විඳිනා
කලා වැවේ නිල් දියවර අපෙ අම්මා

රෑ කළුවර අරගෙන දරුවන් එනතුරු
සිත නෑ නිවන් දකින්නේ
රෑ කළුවර ඇවිදින් ඉකිබිඳ හැඬුවත්
නෙත නෑ නිදි විඳ ගන්නේ
හෙට අරුණට සැරසෙන තව දවසක් ගැන
නින්දේ සිහින දකින්නේ
මහමායාවෙනි කවදාදෝ ඔය නෙත්
දරු සෙනෙහසින් මිදෙන්නේ

වෙල් දෙණි වල ඇවිදින දෙපා රිදෙන විට
විහඟ ගීත බණ පද වේවා
බෝ මළුවක ඇවිලෙන පහන් වැටක් සේ
තුන් සිත නිවී සැදේවා
මතු උපදින සසරේ විසාකාව වී
මෙත් මග නෙත් හමු වේවා
ඇත් රැජිණියනේ ඔබෙ නැලැවිළි ගීතය
ලොවම නිවන කවියක් වේවා



Read more

ගී තනු 6:මනලෝලී මනමාලියේ -රූකාන්ත සහ චන්ද්‍රලේකා

0 comments

 

ගායනය :රූකාන්ත සහ චන්ද්‍රලේකා




මනලෝලී මනමාලියේ
ඔය දෑසේ කැල්මන් වෙලා
මාගෙ දෑතේ දැවටී ආවේ
පවසන්නදෝ ආදරේ

 

කවදා හෝ සංසාරයේ
එක් වීලා අතිනත් වෙලා
ආවා වගේ ඔබ මේ ආවේ
පවසාලා ප්‍රේමාදරේ

 

මුව මදහාසේ ඔබ මට පෑවේ
විහිදා පෙම් ආරාධනේ
ඉඟියෙන් වාගේ රහසින් කීවේ
සැනසීමයි මේ ජීවිතේ

 

ඔබ හිනැහේවී පුන්සඳ වාගේ
පායාලා මාගේ ලොවේ

ඈයිදෝ නොහෑගේ ලෙන්ගතු වූයේ
ඔබ මා ලංවීලා මෙසේ
ලතැවුල් කීවේ සංසිදවූවේ
දෙනෙතේ දල්වාලා සෙනේ
ඔබ සුව ගේනා සුවඳක් වාගේ
පාවේවී මාගේ ලොවේ........



Read more

ගී තනු 5:කුමාරියක් වගේ ඔබට රුව දීලා ඇත-ක්ලැරන්ස් විජේවර්ධන

0 comments
ගායනය:ක්ලැරන්ස් විජේවර්ධන


කුමාරියක් වගේ ඔබට රුව දීලා ඇත
සිනා බිඳක් මට දෙන්නට හිත දීලා නැත //
ඔබ සිනාසෙන්න නැහැ දන්නේ
පියාඹන්න සැරසෙන්නේ
අහංකාර බැල්ම කොයින්දෝ...

ඇල ඉවුරේ - ගුරු පාරේ 
වැට අයිනේ - අඩි පාරේ
මා දැකලා - හැම වාරේ 
හා හා ඇයි රවන්නේ මා දිහාද
පෙම් කරන්න අපි එපාද දැන්

කුමාරියක් වගේ......

ඈත තියා - දුටු වෙලේ
අහක බලා - යන තාලේ
තාම දුරයි - මගෙ කාලේ
හා හා තරහගන්නේ පව් නොවේද 
ඇයි රවන්නේ අපි එපාද දැන්

කුමාරියක් වගේ......



Read more

ගී තනු 4:කව්දෝ මගේ ලොවේ - රාජු බණ්ඩාර

0 comments
ගායනය : රාජු බණ්ඩාර



කව්දෝ මගේ ලොවේ සැරිසැරුවේ

ඔබදෝ ආදරෙන් ළඟ සිටියේ 
හීනහී ම දිහා නෙතු විහිදා බැලුවේ 
කව්දෝ....... මගේ ලොවේ  සැරිසැරුවේ

මා තනිවී අඳුරේ දැවිලා සිටි කාලේ 
මා හොයලා ආ දිනේ මගේ දෑතේ
උණුසුම අතරේ තුරුලුව සිටි ඒ 
ලස්සන මතකේ මට සිහිවේ 

කවුදෝ මගේ ලොවේ .......

රෑ සිහිනේ ඔබ ආ ගියදා සඳපානේ   
සිතයමේ වාසනාවේ චාරිකාවේ 
මංගල සිහිනේ සුවඳයි දැනුණේ
ඒ රස මතකේ මට සිහිවේ 
කවුදෝ මගේ ලොවේ ....



Read more

ගී තනු 3:කවුරුද පාවී පාවී තුරුළු උනා -මිල්ටන් මල්ලවආරච්චි

0 comments

ගායනය : මිල්ටන් මල්ලවආරච්චි

 

 

 

කව්රුද පාවී පාවී තුරුළු උනා

ආදර හැඟුමින් ආරාධනා

මා හද පිබිදී පිබිදී අවදි වුනා

සිහිනෙන් මල් පිපුනා

 

මා නෙතේ සැතපිලා

මා පතා නැවතිලා //

ලැගුම් සොයාලා

ඉන්න සැනහී ආරාධනා

 

ආවෙමි සැරිසරා

මා ඔබේ දිවි තුරා//

පැතුම් පතලා

ඉන්න සැමද ආයාචනා

 

 



Read more

ගී තනු 2 :ආකාස ගඟේ -කසුන් කල්හාර

0 comments
ගායනය : කසුන් කල්හාර
පද රචනය : හිමාලි ලියනගේ
සංගීතය : රාජ්



ආකාස ගඟේ වලාවේ වෙලී
සීමාව සොයා සිසාරා ඇදී
එමි ආදරේ සිත සාදමී
මුදු හාදු දී හද ගිනි නිවමී
සුළඟ හෙමිහිට හැමුවාවේ
කොහෙද ඇය මට කිව්වාවේ
පෑයූව සඳේ ආකාසේ රැඳී
ඈ වාගේ දිලී රිදවයි නුඹ හිනැහී

ඈ ඉන්නා සිහි මැදුරේ
ලා අඳුරේ මේ යාමේ
පාවීදෝ ගී රාවේ
ඒදාහි සන්තාපේ
ඒ හඬනා හඬ දෝ ඇයගේ
දෑසේම පායා රෑ සීන ගේනා
ඈ කෝ සොයා දැවෙමී
පෑයූව සඳේ ආකාසේ රැඳී
ඈ වාගේ දිලී රිදවයි නුඹ හිනැහී

රෑ බෝවී ආවාවේ 
දී දුක දී හේමන්තේ
නෑ එන්නේ මල් වාරේ
සරසාලා ඈ හිසකේ
ඈ මතකේ සුසුමේ සිරවේ
දෑසේම පායා රෑ හීන ගේනා
ඈ කෝ සොයා දැවෙමී
පෑයූව සඳේ ආකාසේ රැඳී
ඈ වාගේ දිලී රිදවයි නුඹ හිනැහී

ආකාස ගඟේ........


Read more

ගී තනු 1 : නැවතී මෙතෙකින්-කසුන් කල්හාර

0 comments
ගායනය -  කසුන් කල්හාර
පද රචනය - අචල සොලමන්ස්
සංගීතය - කසුන් කල්හා




නැගෙන බිඳෙන හැම සමුදුරු රැලි මත
නුඹෙ මුව හිනැහෙනු මා දුටුවා
නොදැනිම වාගෙ ඒ රුව බොඳ කර
කඳුලක් නෙත තනියට නැගුනා

මතකද හැම රෑ පහන් වනතුරා
පැතූ පැතුම් කෙලි සිනා වදන්
දින ගෙවෙනා හැටි අප දැන හිටියා
අද නුඹ කොහිදැයි සිත ඇසුවත්

ඉරණම ලියැවී අප වෙන් කලදා
දෙගුරුන් හමුවේ සිත නිහඬයි
නුඹ මියැදෙන බව දැන දැන සිතකින්
නෙලාගම්ද සොඳුරේ කෙලෙසින්

මා තුරුලට ගෙන සුරතල් කරනට
අහිමි වුවත් මට සොඳුරු වරම් 
අන්සතු උයනක නුඹ හිනැහෙනයුරු
දැක තුටු වෙමි නැවතී මෙතෙකින්





Read more