• අපේ ලිපි

    අපේ ලිපි

    සංචාර,දේශපාලනික,අප අවට සමාජය,වටිනා මිනිස්සු

  • පරිගණක

    පරිගණක

    මෘදුකාංග,ජාවා පන්තිය,Web Designing,හොර වැඩ

  • සංගීතය

    සංගීතය

    ගී තනු,mp3,අලුත්ම වීඩියෝ,සංවාද

  • ඡායාරූපශිල්පය

    ඡායාරූපශිල්පය

    ෆොටෝෂොප්,අලුත්ම විස්තර,පිටරට දේවල්,ගැලරිය

  • ඔබේ දැනුමට

    ඔබේ දැනුමට

    අලුත් අලුත් දේවල්

  • එක්වෙන්න අපි එක්ක

    එක්වෙන්න අපි එක්ක

Showing posts with label වටපිට සමාජය. Show all posts
Showing posts with label වටපිට සමාජය. Show all posts

මාලිට ලෝකය දකින්න උදව් කරමු......

3 comments


 

 

මේක නෙට් එකේ ඉන්නකොට දැකපු ගොඩක් දුක හිතෙන  news එකක් .......මේක ලියන්න හිතුවේ මේ වැඩේට පොඩි හරි සහයෝගයක් අපේ බ්ලොග් එකෙනුත් ගන්න පුළුවන් වේවි කියල ............
 
මෙයාගේ නම මාලි මේ ඇතින්නක්......මෙයා පිලිපීනෙට ලංකාවෙන් දුන්න තෑග්ගක් මෙය ලංකාවෙන් අරන් ගිහින් තියෙන්නේ 1977 එදා ඉඳල මෙයාව concreate කුඩුවක හිර කරගෙන ඉඳල තියෙන්නේ......
 
දැනට අවරුදු 36 ක්......වෙනවා.....හිතන්න අවරුදු 36 පොඩි කුඩුවක හිරවෙලා ඉන්නවා කියන්නේ  හැමදාම එකම දෙ දකිමින් ......
පිලිපීනයේ නිලදාරීන් මේ අතින්නවා නිදහස් කරන්න කිසිම උත්සහයක් දරන්නේ නෑ...
 
 
PETA Asia සන්විධානය ලෝකෙත් එක්කම එකතු වෙලා පෙත්සමක් ඉදිරිපත් කරනවා මේ අතිනව බෙර ගන්න ......ඉතින් ඔයාලත් මේ වැඩේට සහයෝගයක් දෙන්න කියල පිහිපාරේ අපිත් ඉල්ලනවා ඔයාලගෙන් ......
 

මෙතනින් site එකට යන්න..

 
 
 
 
 
 




Read more

ඔබේ ඇස නොගැටුණි.

3 comments

ඔන්න ඉතින් යක්ෂයා නහුතෙටම නැග්ග වෙලාවක තමා මේක ලියන්නේ ඈ..
හැබැයි කාටවත් මඩ අපි ළඟ නෑ නේ.කියන්න තියන එක මහ රජ්ජුරුවෝ ආවත් අපි මූණටම කියනවා.
දැන් අපි කැම්පස් ගිහින් අවරුදු එක හමාරක් විතර වෙනවා.එත් රටේ කව්රුත් නොදැකපු,නොවිඳපු දේවල් මේ ටික කාලේදී අපි වින්දා.ඒ සේරම පට්ට කටු වුනත් ඒ කටු උඩම ඉඳගෙන ඉඳලා එයින් දැනුනු වේදනාව දැන් හුරු වෙලා..

එකම විශ්ව විද්‍යාලයක වෙන්වූ පීඨයක,වෙන්වූ පරිසරයක කොන්වූ පිරිසක් ලෙස ඉන්න අපි ඒ හැමදේම ඉවසුවේ හිතේ සතුටින් කිව්වොත් මම 100% වැරදී.මොකද එහෙම කිව්වොත් අපේ උන් මගෙ ලඟට ඇවිත් අමතයි උබට පිස්සුද #*%$&^*...කියලා.අපේම විශ්ව විද්‍යාලයේ අනිත් උන් අපිට වඩා ටිකක් හෝ සැපෙන් ඉද්දි අපි උන්ට වඩා ගොඩක් දුක් වින්දේ ඉගෙනගන්න ඇති වුන ආසාව නිසාම මිස හැම එකාටම ඇතිවුන විශ්ව විද්‍යාල සංස්කෘතියටම වෛර කරන මූසල හැගීම නැතිව නොවේ...මේක කාගෙවත් හිත ගන්න කියන දුක් අදෝනාවක් නෙවෙයි.සමහරු සමහර දේ ගැන හිතාගෙන ඉන්න මානසිකත්වය තරමක් හෝ වෙනස් කිරීමට ගන්නා උත්සාහයක්.
                                          මොකක්ද බොල මේ කියවන්නේ?මූට පිස්සුද කියල හිතෙන අයත් ඇති.ලංකාවේ කොනකට වෙලා නාදුනන මිනිසුන් ගොඩක් මැද අපි හැමෝවම තනි කරලා අපේ දෙමව්පියෝ ගියේ දැන් රටේ ආරක්ෂාවත් හොදයි නේ,උඹලාට බයවෙන්න දෙයක් නෑ කියලයි.දෙයියනේ කියලා අපේ තනියට අපි කතා කරන භාෂාව වත් දන්නා ටික දෙනෙක් හිටියා.ඒක හින්ද අපිට හිතට පොඩි හරි සහනයක් තිබුනා.ඔවුන්ගේ වටිනාකම හැමදාටම අපේ හදවත් වල සටහන් වෙලා තියනවා.
උඹලාට නේවාසිකාගාර අලුතින් හදනවා,ඒක හින්දා මේවගේ ටික කාලයකට හිටපල්ලා (ඔය කතාව කියලා දැන් අවරුදු එක හමාරක්) කියලා අපිව ගෙනල්ලා දැම්මේ (ළඟදී දැනගත් පරිදි) යුධ කාලයේදී මිනිසුන් කපා කොටා මරා දමලා,සමහරු එල්ලිලා මැරිලා හිටිය ලේ විල් වුනු අතහැරලා දමා තිබ්බ ගෙවල් කීපයකට.ඒ වෙද්දී අපේ ජේෂ්ඨ ශිෂ්‍යයනුත් හිටියේ එම නිවාස වලයි.මකුළු දැල් වලින් පිරී තිබුණු,දුවිල්ලෙන් පිරුණු විශ්ව විද්‍යාලයට ළමයි එන හින්දා කියලා වත් මෙව්වා සුද්ද කරලා තිබ්බේ නෑ හරිය. කොහොම හරි ඒවා හෙමීට සුද්ද කරගෙන අපිත් වාසයට හුරු වුනා.දෙන්නෙක්ට වාසය කරන්න ඉඩ තිබුණු මේ ගෙවල් වල එක කාමරයක හය දෙනෙක් හිටියේ පට්ටම සහයෝගයෙන්.මොනවා වුනත් ඒ බැඳීම තවමත් අපේ ජීවිත වල ඉතුරු වෙලා තියනවා.සමහර දවසට ඇඳක පෙරලිලා මනෝ පාරක් ගහගන ඉන්න වෙලාවක වහලේ උඩින් යන සර්පයෙක් දැක එකෙක් මර හඬ දෙනවා.එදාට එලි වෙනකල් නින්දක් නැතුව උඩ බලාගෙන ඉන්නවා.
                පාඩම් කරන්න ගත්තම එන මදුරු සේනාව අපි එකෙක් උස්සගෙන යන්න තරම් බලවත්.ඒ වෙලාවට ඉතින් වටේ පිටේ තියන දෙයක් අහුලාගෙන ගිනි ගොඩක් ගහගන්නවා.මදුරු දඟර විසයි කියනවා නේ.පාඩම් කරන්න කිසිම සුදුසු වටපිටාවක් නැති උණු අපිට නවක වදය වදයක්ටත් වඩා වින්දනයක් වුනේ මේ දුකට වැඩ නවක වදය හොඳ යයි හිතුනු හින්දා වෙන්න ඇති.ජීව විද්‍යාව කරන උන්ට විෂයන් 15ක් 16ක්,භෞතික විද්‍යාව කරන උන්ටත් විෂයන් 13ක් 14ක් සෙට් වෙනවා.මෙව්වා එකිනෙකට හාත් පසින්ම වෙනස් එව්වා හින්දා පාඩම් කරන්න ගියාම ඇඩිලා ආපහු ඇඩෙනවා.මේ වගේ වටපිටාවක කොල්ලෝ හිටියේ.කොල්ලෝ ටික පීඨයට ආසන්නයේ හිටියත් කෙල්ලෝ ටික හිටියේ ඊටත් එහායින් ගම මැද්දට වෙන්න.අපිට වගේම උන්ටත් ප්‍රශ්න.හැම ගමකම නාහෙට අහන්නැති උන් ඉන්නවා නේ.ඒ පැති වලත් එහෙමයි.උන් අතින් හිංසන වලට ලක් වුනු අපේ කෙල්ලෝ තවමත් එහිම වාසය කරන්නේ උන්ගේ තියන එඩිතර කම වගේම ආත්ම විශ්වාසය හින්දයි.එත් තවමත් උන්ගේ ජීවිත වලට තියන අවදානම ගැන බලන්න මොකෙක් වත් නෑ.
                          කන බොන දේවල් ගැන නම් කතා නොකරන්නේ අපේ උන් කන්න නැති වුනොත් වටේ පිටේ තියන ගහක කොළ අතු කාලා හරි ඉන්න පුළුවන් ශක්තියකින් ඉන්න හින්දා.හරියට කැන්ටිමක් නැති කමින් බඩගින්නේ හිටිය වේල් ගණන අම්බානක්.මම අහන්නේ එකම දෙයයි.එත් ඒ කාගෙන්ද කියන දේ තමයි ප්‍රශ්නේ.මොකද අපි කියන දේවල් අහන්න කව්රුත් න නොවැ. ලොල්....අපි දුක් වින්දා කියලා අපෙන් පස්සේ එන උන්ටත් මේ ටිකම වෙන්න තියන්න ඕනෙද?මේවා ගැන අවදානය රජය වත් යොමු නොකරන වෙලාවක මම බූත කියෙව්වා ඇති කියල හිතනවා.මේකයි ඇත්ත.මීට වඩා කියන්න දේවල් තිබුනත් ඒවා ඕනේ නෑ කියලා හිතනවා.අපේ රටේ අධ්‍යාපනයට මොක වෙලාද මන්ද?මොක වුනත් අපිට මොකෝ.අපි දෙන දේ කාගෙන වෙන දේ බලාගෙන ඉන්ට නේ ඉගෙනගෙන තියෙන්නේ.ජය වේවා!!!!


Read more

මා දුටු සුන්දර අග්නිය.

4 comments
Rajeendra Abeygunawardana Photography.
පුතා ලොකු වෙලා කව්රු වෙන්නද කැමති?මේ තමයි අපි කිරිසප්පයා කාලේ දී අපේ අම්මා,අප්පච්චි,නැන්දලා,මාමලා,අය්යලා අක්කලා වගේම අපේ ගුරුවරු යනාදී නොයෙකුත් පිරිස් අපෙන් අහන ලොකුම ප්‍රශ්නේ...මම නම් පොඩි කාලේ ඉඳලාම ඕකට දුන්නු උත්තරේ ඉංජිනේරුවෙක් වෙන්න ආසයි කියලයි.ඔය ප්‍රශ්නෙට උත්තර දුන්නු සමහර අවදි වලදී ඔය වචනයෙක් කියවෙන්නේ මොන හරුපයක්ද කියලාවත් මම දැනගෙන ඉන්න නැතුව ඇති.කොහොමින් කොහොම හරි උසස් පෙලට ගණිතයෙන් මූණ දෙන්න හිතුවෙත් ඔය අරමුණ හින්දම වෙන්නද ඇති.තාම ඒ ගැන හරි වැටහීමක් නෑ.එත් ජීවිතේ සුන්දරම කාලයක් වුනු ඒ කලේ ඉගෙනගන්න එක අපිට Extra Curricular Activity එකක් වුනු අතර ආතල් ගැනීම් තමා අපේ මුලික ක්‍රියාකාරකම වුනේ.ආතල් කිව්වට ඉතින් ඔය සමාජයේ පහත් යයි සම්මත ස්ත්‍රී දුෂණ,මංකොල්ලකෑම් වගේ ඒවා නෙවෙයි.හුදෙක් ආතල් ම තමයි.
                    උසස්පෙළ කරන කලේ අපි පංතියේ හිටියා නම් ඒ මුල්ම කාල පරිච්ඡේදය දී විතරයි.එත් අහම්බෙන් තමයි.ඉතින් ඔහොම පිස්සු නටපු අපේ පංතියේ හිටිය හැම එකාම දැන් හොඳ තැන් වල.එක්කෝ පිටරට ගිහින් ඉගෙනගන්නවා,නැත්තම් ලංකාවේ විශ්වවිද්‍යාලයක.ඒවා ඉතින් හාස්කම් වෙන්ඩත් පුළුවන් නේද?ඉංජිනේරුවෙක් වෙන්න පොඩිකාලේ ඉඳලා හීන දැක්ක මම අන්තිමේ ශ්‍රී ලංකා අග්නිදිග විශ්ව විද්‍යාලයේ ව්‍යවහාරික විද්‍යාපීඨයට තේරුණා කියලා ඔන්න ගෙදරට ලියුමක් අවා.ගෙදර අයගේ සැහෙන සතුටක් තිබුනත් මම නම් අකමැති වුනේ ඉංජිනේරුවෙක් වෙන්න බැරි වුන හින්ද නෙවෙයි ඔන්න.උන්නු හැටියට මට නම් මේක වැඩිත් එක්ක.එත් එක එක මනසින් මවාගත්ත හේතු ගොඩක් එක්ක මට එහි යන එක අප්‍රසන්න හැගීමක් එක් කලා.මොකද ඒ වෙද්දී මගෙ හීන වෙන වෙන මාර්ග ඔස්සේ ගමන් කරපු හින්දා. 
            පොඩි කාලේ ඉදලා ඇස ගැටුණු පේරාදෙණියේ සුන්දරත්වය මා එහිත් බලාපොරොත්තු වුනා.ඒ පරිසරයේදී දැනුන ඇඟ කිලිපොලා යන කැම්පස් හැගීම මා අග්නියේදීත් හෙව්වා.ඒ සුන්දර වටපිටාව,ගස්වැල්,සිසිලස,ආදරණීය කම ඒ විදියටම මම විදින්න අසා වුනා.එත් ලංකාවේ නැගෙනහිර කොනේ තියන අග්නියේ සුන්දරත්වය මට විදින්න ලැබුනේ එයට ඇතුළුවී වසරකුත් පමණ ගිය පසුයි.එතෙක් මම එයට වෛර කලේ මගෙ ජීවිතය වෙනස් මගකට හැරවූ නිසාවෙන්මයි.නමුත් දැන් ඒ වෙනසට මම ගොඩක් ඇලුම් කරනවා.ජාති භේදයකින් තොරව අපි සමග ආදරෙන් වාසය කරන මිනිසුන්,කර්කෂ වුනත් ඒ පොළවෙන් අපේ රටට මහා සම්පතක් එකතු කරන ඒ සුන්දර මිනිසුන් සමඟ වාසය හැම විටම නැවුම් හැගීම් ඇතිකරනවා.වට පිට බැලු බැලු ඇත පෙනෙන්නේ නිමක් නැති මුහුද වැනි වෙල් යායක්.ඒ දුටු විට මුළු මහත් ජාතියටම බත සපයන්න පුළුවන් අපේ රජ දවස ඇරඹුණු නිෂ්පාදන ආර්ථිකයේ විශ්මය මොනවට විදහා දැක්වෙනවා.තවමත් අතීතයේ මෙන් ගොනුන් බැඳී කරත්ත වල යන ගැමියන් කට පුරා සිනාසෙන්නේ දුප්පත්කම තිබුනත් ඒ සියල්ල ඒ හිනාවෙන් වසාගෙන.
                          ඒ අතරම හමු වුන අලුත් මිතුරන්,තරහ මරහ වුනත් අසරණ වූ වෙලාවක බොක්ක වුනත් දෙන්න ඉදිරිපත් වෙන්නේ තනිවුන ලෝකෙක අපි වටා ඉන්නා දෙවිවරු මෙනි.පහසුකම් අඩු නමුත් තියෙන දේ උපරිමයෙන්ම ප්‍රයෝජනයට ගෙන අනාගත පරපුර උදෙසා මෙහි යමක් රැස්කර යාම අපේ ලොකු වගකීමක් විදිහට මා දකිනවා.හැම විටම නෑ බෑ කියමින් ජීවිතයේ ආපස්සට ගමන් කරන්න පුරුදු වුනු අපට,ජීවිතය දකින්න අග්නිය වටිනාම සම්පතක්.ජීවිතේ සුන්දරත්වය ආයෙමත් විදගන්න ලැබුන මේ පින්බිම අපි හැමටම ලැබුණු තිළිණයක්.කාෂ්ට හිරු එළියත් ජීවිතයට ලැබුණු  ශක්තියක්,මේ පරිසරයේ ඇති දුෂ්කර කමත් අප හැමට අනාගතයේ සවිමත් වීමට ලැබුණු ආශීර්වාදයක්.අද මට දැනෙන්නේ මම මේ පරිසරය අතහැර ගියා නම් ඒ ජීවිතයේ එන සැප පමණක් විදිනු කැමැත්තෙන් එන බාධක හමුවේ පලා ගියා වැනි හැගීමක්.නමුත් මම ගත් තීරණය ගැන අද ගොඩක් සතුටු වෙනවා.තව වසර 2ක් 3ක් පුරාවට  මේ වටිනා පරිසරයේ සුන්දරත්වය විදින්නට මෙන්ම මේ හරහා ජීවිතයට පන්නරයක් ගැනීමට ලැබුණු මගඟු අවස්ථාවට මම හදවතින්ම ගරු කරනවා.ඒ නිසා හැමවිටම වටිනා යමක් මේ තුලින් ජීවිතයට එකතු කරගන්න උත්සාහ ගත යුතුයි.ජීවිතය දිහා ආයෙමත් හැරී බලන්නට කිසිදිනෙක මම කැමති වෙන්නේ නෑ.මොකද ඒ අතීතය හැම විටම සුන්දර නොවුන නිසා.එත් අනාගතයේ අපි හැමෝටම කල හැකි,කල යුතු වැඩ බොහොමයි.ඒ දේ තම තමන්ගේ පෞද්ගලික සුඛ විහරණය උදෙසාම නැතිව,අපේ අනාගතය වගේම අපේ රටේ අනාගතය ගැනත් සිතා කළහොත්,අපි මේ ගෙවන ජීවිතයට වටිනාකමක් කවදාක හරි ලැබේවි.


Read more

මෙහෙමයි වැරදුනේ.

2 comments



ඔන්න ඉතින් උදේ පාන්දරම හොඳ කෙලියක් වුනා.අලුතින් කැමරාවක් ගන්න අදහසක් තිබුන හින්ද ඒ අංශයේ ප්‍රවීනයෙක් ලෙස මා ගරු කරන  %$#8()% මහත්මයාගෙන් මම ඊයේ ඒගැන විමසා සිටියා.එතුමා කාර්යබහුල නිසා මට කියා සිටියා මූණු පොතේ PHOTO-TALK පිටුවට ගිහින් විස්තර බලන්න,ඉඩ ලැබුණු වෙලාවක පිළිතුරු දෙන්නම් කියා.ඉතින් අද උදේ පාන්දරම කට කෙල පෙරගෙනම මූණු පොත පැත්තේ සංචාරයක් දැම්මේ මගෙ ප්‍රශ්නෙට පිළිතුරු හම්බවෙලාද බලන්නත් එක්කම.
            එතුමා සෑහෙන ලොකු විස්තරයක් එවල තිබුනා ඒ ගැන.මම එතුමාට ස්තුතිවන්ත වෙලා මගේ මූණු පොතේ තියන චායාරූප එකතුවේ ලින්කුව එතුමාට යැව්වා අඩුපාඩු පොඩ්ඩක් බලලා කියන ලෙස.ඒ වෙලාවේ ඔහු මට වටිනා උපදෙසක් දුන්නා.ඒ තමයි "අපි හැමෝම දන්නා සියුම් දේ තුලින් නොදන්න පරතෙර හොයාගෙන යන මිනිස්සු,ඒ නිසා නොදන්න දේ ගැන හිතන්න එපා.අපි හැමෝම දන්නා දේ තමයි වැදගත් " කියලා.ඇත්තටම අපිට දන්න පොඩි යමකින් වුනත් කාට හරි ප්‍රයෝජනවත් වෙන දෙයක් කරන්න පුළුවන් නේ.නොදන්න දේ හෙමීට ඉගෙනගන්න අතරේ අපි දන්නා පොඩි දේ ප්‍රගුණ කරගත්තොත් ගොඩක් වටිනවා කියල මට තේරුණා.ඉතින් තව ටිකකින් එතුමා මගෙ පිටුවේ තිබුණ චායාරූපයකට like එකක් එහෙම දාලා කොමෙන්ටුවකුත් දැම්ම "මේ චායාරූපේ ඔබගේ නමින් මගෙ බ්ලොග් එකේ පල කරාට කමක් නැද්ද කියලා".
           හතිලව්වයි.එතකොට තමයි දැක්කේ ඒක මම ගත්ත චායාරූපයක් නොවන බව.මම ඉදල හිටලා අන්තර්ජාලයේදී  හම්බවෙන ලස්සන චායාරූපත් මගේ පිටුවේ දානවා.ඒක එහෙම එකක්.මොනවා වුනත් ඒ වැඩෙන් අපි දෙන්නම අපහසුතාවයකට පත් වුනා.ඉතින් ඒ වැඩෙන් පාඩමක් ඉගෙනගෙන මම හිතාගත්තා අනුන්ගේ ඒවා නම් මගෙ පිටුවේ දන්නේ නෑ කියලා....අනුන්ගේ ඒවාගෙන් ගන්න පුළුවන් අදහසක් අරගන ස්වනිර්මාණ කරත් 100% copy නම් ආයේ දන්නේ නෑ ඔන්න.  


Read more

පච්ච....

0 comments
ලංකාව කියන්නේ දියුණු වෙමින් පවතින රටක්ලු කියනවා නේ. අපේ රටට මොකක් හරි අලුත් තාක්ෂණික හෝ වෙනයම් විලාසිතාවක් ආවම ඉතාම ඉක්මනින් එක ව්‍යාප්ත වන ප්‍රවනතාවක් රට වැසියෙක් විදිහට මම දකිනවා. ඒකට ඉතාම හොඳ උදාහරණ කීපයක් මම කියන්නම්.අපි පාසල් යන කලේ (මහා ලොකු අතීතයක් නෙවෙයි ඔන්න) උසස් පෙළ පන්ති වල වගේ ඉද්දි lap-top කියන්නේ අපිට මහා ලොකු දෙයක්.ඒ කාලේ lap-top දැක්කෙත් අහම්බෙන් වගේ.එත් දැනට අවුරුදු දෙක තුනක් ඇතුලත අපේ රටේ මේක හැම ගෙදරකම තියන සාමාන්‍ය භාණ්ඩයක් තරමට ම පත් වෙලා. ජංගම දුරකථන, අන්තර්ජාල පහසුකම,කොන්ඩ විලාසිතා,ඇදුම් විලාසිතා ආදියද  ඒ විදිහටම අපී රටේ ඉක්මනින් ව්‍යාප්ත වුන හා අනාගතෙදී එසේ වියහැකි දේවල්. මීට අමතරව තව ඕනේ තරම් උදාහරණ ඇති.එත් ඒවා අපේ ප්‍රධාන මාතෘකාවට අදාළ නෑ.  
                                             මෙහෙම මම ඉක්මනින් ව්‍යාප්ත වෙන දේවල් ගැන කතා කරේ වර්තමානයේ අපේ තරුණයෝ අතරේ ගොඩක් ජනප්‍රිය වෙමින් පවතින පච්ච කලාව හින්දයි. මේක ලංකාවට අලුත් දෙයක් නෙවෙයි.එත් වැඩිය ප්‍රසිද්ධියේ භාවිත වුනේ නෑ කියල මම හිතනවා. 
              මම එහෙම කිව්වේ මේකයි.සාමාන්‍යයෙන් හුඟ දෙනෙක් පච්ච ගැහුවේ නොපෙනෙන තැන් වල....මම හරිද???? ඒ කිව්වේ කුනුහරුපයක් එහෙම නෙවෙයි.සාමාන්‍යයෙන් පපුව,පිට,උර භාහු වැනි පිළිවෙලට ඇදුමක් ඇන්දම නොපෙනෙන ස්ථාන වල.එත් දැන් ඒක පොඩ්ඩක් වෙනස් වෙලා.එලි පිටම පච්ච ගහගන ඉන්නවා. තමන් ගහල තියන පච්චය අන් අයට  පැහැදිලිව  පෙනෙන ලෙස ඇදුම් ඇදීමට පවා තරුණයෝ හුරු වෙලා තියනවා. අතීතයේ ගමේ ටිකක්  මැර පාර්ට් එක දාගන ඉන්න උදවිය පච්ච  ගැහුවට දැන් එක විලාසිතාවක් බවට පත් වෙලා.හොද ජනප්‍රිය වෘත්තියක් බවට පත් වෙලා.කාටවත් කරදරයක් නැති මේ විලාසිතාව ගැන චෝදනාවක් එල්ල වෙනවා මම නම් දැකල නෑ.
                  පච්චයක් කොටනවා කියන්නෙත් එසේ මෙසේ වැඩක් නෙවෙයි.එකට පච්ච නිර්මාණශිල්පියාට ඒ විෂය ගැන හොද දැනුමක්,හැකියාවක් වගේම ලොකු ඉවසීමක් තියෙන්න ඕනේ.මෙහිදී සිදුවන්නේ සම පිළිස්සීමකට ලක්කර ඒ තුලට යම් රසායනික වර්ණකයක් ඇතුල් කිරීමයි.(මම අහල තියන විදිහට)යාන්ත්‍රිකව දැන් මේ වැඩේ කරනවා. එහිදී පච්චය ගැසීමට පෙර යොදන රසායනික සමට ඔරොත්තු දෙනවද කියල මුලින්ම බැලිය යුතුයි.එසේ නොමැති වුවහොත් විෂ වීමක් සිදුවිය හැකියි.ඊට අමතරව මෙහිදී සම අභ්‍යයන්තරයේ ක්‍රියාවලියක් සිදුවන නිසා මෙහිදී යොදාගන්න උපකරණ වල පිරිසුදුකම ඉතාම වැදගත්. එසේ නොමැති වුවහොත් ඒඩ්ස් වැනි රෝග පවා  වැළදීමේ අවදානමක් තියනවා.එක හින්ද ගොඩක් සැලකිලිමත් වෙන්න ඕනේ.
             ඉතින් ඔබත් මේ පච්ච කලාව ගැන උනන්දු වෙනවා නම් පහල තියන වීඩියෝ ටිකත් වැදගත් වෙයි.කාටවත් කරදරයක් නැති සුන්දර පච්ච කලාවට ලංකාව තුල දීර්ඝායු වේවා !!!!





Read more

දුක දන්නේ වෙන කව්ද ඇස් දෙක තරම්...

8 comments
මේක නම් මම හිතන විදිහට ගොඩක් කාලීන මාතෘකාවක්.තාක්ෂණයේ දියුණුවත් එක්කම අපිට හම්බවුන ඉතාම වැදගත් සම්පත් දෙකක් තමා පරිගණකය (බොහෝ විට දැන් නම් ලැප්ටොප් ) සහ අන්තර්ජාලය.මේවා අපි භාවිත කරන්නේ මොන හරුපේ කරන්ඩ වුනත් මේවා එක්ක ගනුදෙණුවේදී ඉතාම වැදගත් වැඩියෙන්ම අපි ගණන් ගන්නේ නැති එත් අපිට අවශ්‍යම දෙයක් ගැනයි මේ  යන්නේ..අයේ ඉතින් වටේ පිටේ යන්නේ නැතුව කියන්නම්කො. ඒ තමා පෙනීම.
මේක මාත්  ලැබූ අත්දැකීම් එක්ක කියන්නේ..ලොකු ලොකු වචන නැතුවම කතාව කියාගන යන්නම්.මේ
සිද්ධිය හදුන්වනවා Computer vision syndrome (CVS) කියල.


Read more

මැරෙන්න බය මිනිස්සු.......

1 comments
2012.12.21 කියන්නේ මුළු ලෝකෙම බය වෙලා හිටපු දැන් ඒ බය ගොන් පාට් එකක් බවට පරිවර්තනය වුන වුන දවසක් .. ලංකාවේ  නෙවෙයි.ඔය මුළු ලෝකෙම පාලනය  කරන්ඩ සෑහෙන try එකක්  දෙන ඇමෙරිකාව පවා   දෙගිඩියාවෙන් හිටියේ මේ දවස ගැන.එත් අපේ ලංකාවේ චන්දන  ජයරත්න මහත්මයා එහෙම මුල  ඉදලම මේක  වෙන්නේ නෑ  කියල සාක්ෂි සහිතව  තහවුරු කරලා පෙන්නුවා නේ.   
 ඒ කොහොම වුනත් අපේ මිනිස්සුන්ගේ නම් බය අඩු වෙලා තිබ්බේ නැ ... මම ඊයේ(2012.12.22) රෑ  ස්වර්ණවාහිනියේ ප්‍රවෘත්ති බලද්දී දැකපු දේ වලින් එක තහවුරු වුනා.මිනිස්සුන්ගෙන් අරන් තිබ්බ හඬ  පට වල කියවුන දේවල් වලින් ඒ බය කියවුනා.එත් ඇයි මේ තරම් බය?
                                              බයට යටින් තියන ආත්මර්තකමිත්වය ,කුහක කම මේ සිද්දියෙන් වඩාත් කැපිල  පෙනුනා.ගොඩක් දෙනා තමන් මැරෙන හින්ද අනාගතේ කරන්ඩ හිටිය වැඩවලට මුදල් යොදවන්න පැකිලුනා.ඔබ හිතයි එය සාමාන්‍ය දෙයක් කියල. එත් ඊට යටින් තියන  ඇත්ත කතාව නම් මිනිස්සු එහෙම මිනිස්සු එහෙම පැකිලුනේ තමන්ගේ මුදල් වෙන කෙනෙක් හරි ප්‍රයෝජනයට ගන්න  එක වලක්වන්න නෙවෙයි  ද?අපි මැරෙන්ඩ කලින් ඒ මුදල් ප්‍රයෝජනයට ගන්න මිනිහ ඒ මුදල් වලින් විනෝද වෙයි  කියන කුහක චේතනාව  නෙවෙයි  ද?ඊ අපේ මිනිස්සු මේ විදියට හිතන්නේ?මෙහෙම හිතන එක නවත්තන්නේ නැති තාක් අපේ  දියුණු කරනවා කියන එක හීනයක් පමණයි.අපි අපේ අනාගත පරම්පරාවට වත් මේ වගේ ආත්මාර්ථකාමී නොවී ජීවත්  පුරුදු කරලා ගියොත් අපිට නැතත් කවද හරි ඒ අයට හරි ලස්සන රටක් ලස්සන ලෝකයක් හැදෙයි.... හිතන්න මනසින් නොව හදවතින්...  



Read more

උපුටා ගැනීමක්.කතාවේ ගන්න පුළුවන් දේවල් ගොඩක් තියනවා කියල හිතුන හින්ද පල කරේ ...

0 comments
ඔහු ද කලාකරුවෙකි. එහෙත් ඔහුගේ හැකියාවන් පෑගෙන දූවිලි කැට ගානටවත් සමාජයට අගයක්‌ නැත. ඒ ඔහු පිටකොටුව පේමන්ට්‌ එකේ පච්ච පොරක්‌ වූ හෙයිනි. එහෙත් මේ මිනිසා කොළඹ කොන්ක්‍රීට්‌ වනාන්තරයේ ඉපිද ගෙන්දගම් පොළවේ උස්‌මහත් වූවෙක්‌ නම් නොවේ. හේ දකුණු පළාතේ සුන්දර ගම් පෙතක වැදගත් පවුලක ඉපිද ගාල්ල උසස්‌ පාසලක උසස්‌ පෙළ දක්‌වා සිප්සතර හැදෑරූ අයෙකි. අවසන ඔහු ප්‍රේමයෙන් පරාජිතයකු වී තම මව්පියන්ට පමණක්‌ නොව දකුණු පළාතටම ආයුබෝවන් කියා කොළඹට පැමිණ ඇත්තේ ජීවිතයම චප්ප කර ගත්, ඇඳිවතට පමණක්‌ සීමා වූ කුඩ්ඩෙක්‌ ලෙසය. මුළු ජීවිතයම පොපි මලට බිලි දුන් මේ මිනිසාගේ කලාකාමී සිත නම් තවමත් වල්මත් වී නැත. ඒ බව අපට හොඳින්ම පසක්‌ වූයේ ඔහු ජීවත් වන පිටකොටුව මාර්කට්‌ටුවේ පුංචි කුටියට ගිය විටදීය.

"එන්න සර් ඇතුළට. ටැටු එකක්‌ දාගන්නද? සර්.. මා ළඟ ඩිසයින් කිහිපයක්‌ම තියෙනවා.. එකක්‌ සිලෙක්‌ට්‌ කරන්න කෝ..." කියා ඔහු විවිධ ටැටු නිර්මාණ කිහිපයක්‌ ඇතුළත් ඇල්බමයක්‌ අපගේ අත තැබුවේය.

ඔහුගේ නම අපි නොකියමු. ඔහු මුස්‌ලිම් ජාතිකයෙක්‌ බව අපි කියමු. වයස අවුරුදු හතළිස්‌ පහකි. දෙනෙත් ගිලී ගිය ඒ මුහුණේ මස්‌ කළඳක්‌ පෙනෙන්නට නොමැති සේ හකුත් ඇකිලී ගොස්‌ය. අත පයේ නහර සමෙන් එළියට පනින්නාක්‌ සේ ඉල්පී පෙනේ. ටීෂර්ට්‌ එකකින් සහ කොට කලිසමකින් ඇට කටු කූඩුව වසා ගත් ඔහු පෙනුමෙන් මන්දපෝෂණයට ලක්‌ වූවෙක්‌ මෙනි. ඒ කෑම අහේනියෙන්වත් කාලයක සිට පවතින රෝගී තත්ත්වයක්‌ නිසාවත් නොව, ඒ ශරීර කූඩුව ජරාජීර්ණ වී ඇත්තේ දැඩි ලෙස හෙරොයින්වලට (කුඩු) ඇබ්බැහි වීම නිසාය.

ඔහු අපට ඔහුගේ වාසස්‌ථානය තුළට කතා කළාට ඒ කුටියේ තවත් දෙතුන් දෙනකුට හරස්‌ වෙන්නට ඉඩ කඩක්‌ ඉතිරි වී නැත. කවුළුවක්‌ නොමැති ඒ අඳුරු කුටියට පුංචි හෝ ආලෝකයක්‌ වැටී තිබුණා නම් ඒ ඔහුගේ කලා නිර්මාණවලින් විහිදෙන ආලෝකය පමණි. එසේ නොවෙන්නට එය අඳුරුම අඳුරු ගුහාවකි. කාමරයේ එක්‌ කොනක මල්පහන් පූජා කරන පුංචි බුදු මැඳුරකි. එයට ආසන්නවම තරමක්‌ විශාල පෙට්‌ටියකි. කාමරයේ ඇතුළු පැත්තට වන්නට බිම ඇතිරූ පැදුරකි. එය මත ළිපේ දැම්මත් නොදැවෙන තරමට දුර්වර්ණ වූ හිස තියන කොට්‌ටයකි. ඒ ඔහුගේ නිදි යහන බවට සැකයක්‌ නැත. පැදුර පාමුලට වන්නට චිත්‍ර ඇඳීමට ගන්නා පින්සල් බහාලු පුංචි පෙට්‌ටියක්‌ සහ ඉඳිකටු වැනි කටු දැමූ පෙට්‌ටියක්‌ ද විය. තවමත් ඒ අඳුරු කුටියේ අහුමුළු විපරම් කරන අපේ දෙනෙත් මොහොතකට නැවත ඔහු දෙසට යොමු කරමින් අපගේ අනන්‍යතාව තහවුරු කර අපි ඔහු හමුවීමේ අවශ්‍යතාව පැහැදිළි කර දුන්නෙමු.

"මගේ ජීවිතය ගැන පත්තරේ පිටුවක්‌ නෙමෙයි පිටු ගාණක්‌ වුණත් ලියන්න පුළුවන් සර්. ඒත් සර් මට මේ ඉන්න විදිහට ඉන්න දෙන්න. මගේ ආතල් එක කුඩු කරන්න හදන්න එපාෘ සර්ලට ඕන නම් ටැටු එකක්‌ ගහලා දෙන්නම්..."

"නැහැ අපිට ඕනා ඔයත් එක්‌ක ටැටු ගහන හැටි කතා කරන්න" ඔහු කෙසේ හෝ කතාවට සම්බන්ධ කර ගැනීමේ අදහසින් අපි එසේ කීවෙමු.

"මේ සර්ලා ඔයා ගැන වැරදි විදිහට ලියන්නෙ නැහැ. බය නැතිව ඔයාගේ ජීවිත කතාව කියන්න" යෑයි අප සමග ඔහුගේ කුටිය අසලට ගිය පිටකොටුව ස්‌වයංරැකියා සංගමයේ සාමාජික අචින්ත අප ගැන ඔහුට එසේ පැහැදිළි කර දුන්නේය.

ඒත් ඔහු කිසිවක්‌ නොකියයි. ඇහි බැම පමණක්‌ එස වෙයි. අප අතර නිහඬතාවකි. මගෙ අතේ තිබුණු ඔහුගේ ටැටු නිර්මාණ ඇතුළත් ඇල්බමයේ පිටු නැවත එකිනෙක පෙරළෙයි. සැබැවින්ම මේ මිනිසා ද මේ සිත්තම් ඇඳ ඇත්තේ...? අදහා ගැනීමටවත් නොහැකිය. කුඩුවලින් වල්මත් වූ ඔහුගේ මනස මෙවැනි නිර්මාණ කිරීමට සමාධිගත කර ගන්නේ කෙසේද? මගේ උඩු සිතත් යටි සිතත් එකම අවුලකය. අවුල නිරවුල් කරගැනීමට නම් ඔහුගේ ලෝකයට යා යුතුමය. කෙසේ හෝ ඔහුව කතාවට සම්බන්ධ කර ගැනීමේ අදහසින් අපි ඔහුගෙන් මෙසේ විමසුවෙමු.

"පච්ච කොටන්නෙ පේමන්ට්‌ එකේ කොහේ ඉඳගෙනද"

"මෙතන තියාගෙන තමයි පච්ච කොටන්නෙ.. ඒත් පේමන්ට්‌ එකේ ඔය කොහේ හරි තැනක මගේ ටැටු නිර්මාණ ටික දාලා මම පැත්තකට වෙලා ඉන්නවා. මිනිස්‌සු එතැනින් යන එනකොට ඒ රූප දිහා බලාගෙන යනවා. පච්ච මේනියාව තියෙන තරුණ කොල්ලෝ මැදි වයසේ මිනිස්‌සු නැවතිලා පච්ච ඩිසයින් බලනවා. එහෙම අය ළඟට මම ගිහින් කතා කරනවා. මගේ ටැටු ඇල්බමයත් මම ඒ අයට පෙන්වනවා. ඊට පස්‌සේ මගේ ඩිසයින්වලට කැමති වෙලා ඒ අය ඩිසයින් එකක්‌ සිලෙක්‌ට්‌ කරලා කිව්වොත් මට මෙන්න මේ පච්චය ගහලා දෙන්න කියලා මම ඒ පුද්ගලයාව මගේ කාමරයට එක්‌කගෙන ඇවිත් පච්චය කොටනවා." දැන් හේ ඔහුගේ වෘත්තීය ජීවිතය අප ඉදිරියේ වචන කරමින් සිටියි. ඔහුගේ මුවින් ගලා යන කතාවට අපි විරාමයක්‌ නොදීම, පච්ච කෙටීමට අය කරන මිල ගණන් විමසුවෙමු.



"ඒක ඩිසයින් එකෙන් ඩිසයින් එකට වෙනස්‌ වෙනවා සර්. රුපියල් පන්සීයේ ඉඳලා හාරදහ පන්දහට යනකම් පච්ච ඩිසයින් තියෙනවා. ඒත් මම මේක කරන්නේ කෝටිපතියෙක්‌ වෙන්නවත් මාලිsගා හදන්නවත් නෙමෙයි. මොනවහරි දෙයකින් බඩ පුරව ගන්නයි, බඩු ටික කන්ටිනියු කර ගන්නයි විතරයි. සමහර වෙලාවට පච්ච මේනියාව තියෙන කොල්ලෝ කියනවා "අයියේ මගෙ අතේ මෙච්චරයි තියෙන්නෙ. ඔයාට පුළුවන් නම් මට මෙන්න මේ පච්චය කොටලා දෙන්න කියලා" කිසිම දවසක මම එහෙම කොල්ලන්ව ඔය ගාණට කරන්න බැහැ කියලා හරවලා ඇරලා නැහැ. ඒ අය දෙන කීය හරි අරගෙන මම පච්ච කොටලා දීලා තියෙනවා. අපි අද හිටියි. හෙට මැරෙයි. සල්ලි නෙමෙයි වටින්නේ මනුස්‌සකමයි. මම මගේ රැකියාවෙන් බලාපොරොත්තු වෙන්නේ මගේ කලාව මිනිස්‌සු අතරට ගෙනියන්න. එහෙම වුණොත් මම මැරුණත් මගේ කලාව මැරෙන්නෙ නැහැ. ඒක තමයි මගෙ කන්ටිනියු එක. සමහර දවසල්වලට ප්ලේන්ටියක්‌ බොන්න සල්ලි නැතිව පැත්තකට වෙලා සුරුවවිත්තම් ගහගෙන අගුපිලක වැටිලා ඉන්නකොට කවුරුහරි කොල්ලෙක්‌ ඇවිත් "අයියේ මේක තියාගනින් උඹ හොඳ එකා බං මගෙ පච්චෙ ගහලා සල්ලි ගත්තෙත් නැහැ." කියලා සල්ලි දෙන වෙලාවල් තියෙනවා. දැක්‌කද සර්.. අපි උදව් කළොත් තමයි අපිට නැති වෙලාවට කවුරුහරි පිහිට වෙන්නෙ" ඔහු එසේ කියා ඔහුගේ කුස පිරිමැද්දේය.

අප ඔහු සොයාගෙන පිටකොටුවට යන විටත් සවස තුන පසු වී තිබිණි. එහෙත් ඔහුට දහවල් ආහාර වේලවත් කුසට වැටී නොතිබිණි. ඒ ඔහුට එදා දවසේදී පච්චයක්‌ කෙටීමට කිසිවෙක්‌ නොපැමිණි නිසාය. පච්ච කෙටීමෙන් රුපියල් හාරපන්දහසක්‌ සොයාගැනීමට හැකි දින මෙන්ම තේ එකක්‌ බීමට රුපියල් දහයක්‌ සොයාගැනීමට නොහැකි දින ද ඔහුගේ වෘත්තීය ජීවිතයේ නැතුවාම නොවේ. අප ඔහු හමුවීමට ගිය දවස ද එවැනි බිස්‌නස්‌ ලොස්‌ දිනයකි.

"මට බඩට කන්න ඕනේ නෑ සර්... කුඩු ටික කන්ටිනියු කරගත්තා නම් බඩ පිරුණ තමයි. දැන් මට සික්‌ එක සර්.. ඒත් හොර වැඩ කරන්නෙ නැහැ. කන්න නැතුව, බඩු ටික නැතිව මැරුණත් හොරකම් නම් කරන්නෙ නැහැ. මම උදේ පාන්දරට බුදුන් වැඳලා දෙවියෝ අදහලා එළියට බහින කෙනෙක්‌. මම වැරැද්දකට කරන්නෙ මේ ජරාවට ඇබ්බැහි වෙලා ඉන්න එක විතරයි. නැතුව වෙන කිසිම ජරා වැඩක්‌ කරන්නෙ නැහැ." එසේ කියමින් ඔහු කාමරය තුළට අත දිගු කර අපට පුංචි බුදු කුටිය පෙන්නුවේය. ඒ අසල සූනියම් දෙවියන්ගේ රූපයකි. ඒ ඉදිරියෙන් පුංචි පිත්තල පහනකි.

"සර් මම මුස්‌ලිම් ආගමේ කෙනෙක්‌. ඒත් මට බුද්ධ ධර්මය ගැන හොඳ පැහැදීමක්‌ තියෙනවා. ඒක තමයි ආත්මය ගලවාගැනීමේ මාර්ගය. බුද්ධ ධර්මයේ යන කෙනා ගොඩ යනවා. එහෙම නැති එකා වැටෙනවා. ඒක ඒ විදිහටම කන්ටිනියු වෙනවා. මගේ මල් වයසේදී මම දැකලා තිබුණෙ ආදර ධර්මය විතරයි. මම ජීවිතයෙන් පරාද වුණාට පස්‌සෙ තමයි බුද්ධ ධර්මය දැක්‌කෙ. දැන් මගේ මේ ආත්මය ඉවරයි. ලබන ආත්මයේදීවත් හොඳින් ජීවත් වෙන්න බුදුන් අදහනවා. ඒ මාර්ගයේ යනවා. මම මස්‌ මාළු මොනවත් කන්නෙ නැහැ. සූනියම් දෙවියන්ට පහනක්‌ පත්තු කරනවා. මම සර්ලට බොරුවක්‌ කිව්වොත් මට හෙට එයා ෂොට්‌ එකක්‌ දෙයි. එයත් එක්‌ක සෙල්ලම් කරන්න බැහැ"

ඔහුගේ ටැටු ඇල්බමය තවමත් මගේ දෑත මතය. ඔහුගේ ටැටු ඇල්බමයේ සියලුම ටැටු සිත්තම් ඔහුගේ නිර්මාණය. හසන් චිත්‍ර කලාවට උපන් හපන්කම් ඇත්තෙකි. සිතුවම් ඇඳීමට පමණක්‌ නොව, රූප නෙළීමට ද ඔහු දක්‍ෂතා ඇත්තෙකි. ඔහුගේ දක්‍ෂතා තහවුරු කිරීමට මෙන් කාමරයේ තිබූ ඔහු නෙළුE ප්‍රතිමා කිහිපයක්‌ම හේ අපට ගෙනැවිත් පෙන්නුවේය. සැබැවින්ම ඔහු උපතින්ම දක්‍ෂ කලා ශිල්පියෙකි. එහෙත් පූරුවෙ කළ පවකට අද ඔහු පේමන්ට්‌ එකේ පච්ච කොටන තැනට වැටී ඇත.

"සර් මම ජීවිතයෙන් පරාද වුණා. ඒත් මට හොඳ ටැලෙන්ට්‌ එකක්‌ තියෙනවා. මට පුළුවන් ඕනෑම රූපයක්‌ අඹන්න. ඒත් සර් අපෙන් රටට වැඩක්‌ ගන්නෙ නැහැ. සමාජයට මම නිකම්ම නිකම් කාලකන්නි කුඩ්ඩෙක්‌ විතරයි. ඒකයි අද මම මෙහෙම පේමන්ට්‌ එකට වැටිලා තියෙන්නෙ. මට කාත්කවුරුවත් නැහැ. වැටිලා ඉන්න තියෙන්නෙ මේ කාමර කෑල්ල විතරයි. මගේ ඇඟේ තියෙන කලාව තමයි මම මේ විදිහට ශරීර කලාවෙන් පිට කරන්නෙ."

ඇයි ඔයාගේ දෙමව්පියෝ නැද්ද?

"ඉන්නවා තාත්තා නම් නැති වුණා. අම්මා ඉන්නවා. ඒත් මම අම්මා ළඟටවත් සහෝදරයෝ ළඟටවත් යන්නෙ නැහැ. මගේ සහෝදරයෝ මම වගේ පාරෙ චාටර් වෙන්නෙ නැහැ. හොඳ වැදගත් ජොබ් කරන්නෙ. මම වගෙ කෙනෙක්‌ ඒ අය ළඟට ගියහම ඒගොල්ලන්ට ඒක ලැඡ්ජාවක්‌. අපේ තාත්තා හිටපු දන්ත වෛද්‍යවරයෙක්‌. මමත් හොඳටම ඉගෙනගත්තා. මම මෙහෙම හිටියට ගණිත අංශයෙන් උසස්‌ පෙළ කරලා පාස්‌ වෙලා තියෙනවා. ඒත් ඒ සේරම යට කරල මගෙ කරුමෙ ජයගත්තා." ඔහු ජීවිත කතාව අපට පැවසීමට මුලදී අකැමැති වුවද දැන් ඔහුට නොදැනීම ඔහුගේ ජීවන ගමන නිරයට හැරුණු තැනට අපව ගෙනයමින් සිටියි. ඒත් ගැටලුවකි. දැන් දැන් ඔහුගේ කාමරය අසල මිනිසුන්ගෙන් පිරී ගොස්‌ය.

"මෙතැන බයිස්‌කෝප් එකක්‌ පෙන්වන්නෙ නැහැ. පොඩ්ඩක්‌ එහාට මෙහාට වෙයල්ලා හුළං ටිකක්‌වත් වදින්න.." ඔහු කතාවට මොහොතක විරාමයක්‌ දී වට වී සිටි මිනිසුන්ට පල නොකියා පලා බෙදුවේය. වාහනවලින් නැගෙන ශබ්දයත්, පිටකොටුව වෙළෙඳුන්ගේ කන්කරච්චලයත් පරයමින් නැවත ඔහුගේ හඬ මෙසේ උස්‌ විය.

"මම ජීවිතය වරද්ද ගත්තෙ අවුරුදු දහහතේදී සර්.. යට ගිය දේවල් මතක්‌ වෙන කොට කන්ටිනියු පාරක්‌ දාගන්න දුවන්න හිතෙනවා. ඒත් සර් අතේ සතේ නැහැ.. දැන් සික්‌ එක වගෙයි. කන්ටිනියු පාරක්‌ දාගෙන හිටිය නම් සර්ලට මාව අල්ලන්න බැහැ"

"ඉතිං කියමුකෝ බලන්න ජීවිතයෙන් පරාජය වුණේ ඇයි කියලා" අපි ඔහුට කතාවෙන් පැන යැමට කිසිදු ඉඩක්‌ ලබානොදුන්නෙමු.

"මම අවුරුදු දහතුනේ ඉඳලා ගැහැනු ළමයෙකුට ආදරය කළා. එතකොට මම ඉස්‌කෝලේ නවය වසර පන්තියෙ. ඒත් සර් අපේ ආදරය යථාර්ථයක්‌ කරගන්න බැරිව ගියා. එයාගෙයි මගෙයි දෙපැත්තෙම දෙමව්පියෝ අපේ ආදරයට හරස්‌ වුණා. අන්තිමේ දෙමව්පියෝ ජයගත්තා අපි පරාද වුණා." ඔහුගේ දෑත් වේව්ලයි. හෙරොයින් නැති නිසා සික්‌ එකටද, නැති නම් අඳුරු මතකය අවදි වූ හෙයින් සිත් වේදනාවටද කියා අපි නොදනිමු. අපි දැහැන්ගතව ඔහුගේ කතාවට සවන් දී සිටිමු.

ප්‍රේමයෙන් පරාජිත ඔහු මියෙන තුරාවට තනිකඩව ජීවත් වීමට තීරණය කළේය. එහෙත් ඔහුගේ සිත ඔහුට පාලනය කර ගැනීමට නොහැකි විය. ඔහු අයාලේ ගියේය. දෙතොළට ළං නොවූ දුම් වැටි නිරන්තරයෙන්ම ඔහුගේ දෙතොළ මත නතර විණි. මත්පැන් නොදැක සිටි ඔහු සිත සුව කිරීමට මත්වතුර ඔසුවක්‌ කරගත්තේය. ක්‍රමයෙන් ඔහු ප්‍රේමයෙන් පමණක්‌ නොව ජීවිතයෙන් ද පරාජිතයකු විය. නැවත ජීවිතය යහමඟට ගැනීමට ඔහුට කොහෙත්ම නොහැකි විය. ඔහු මත්වතුරෙන්, දුම්වැටියෙන් සෑහීමකට පත් නොවීය. ගංජා සුරට්‌ටුවත් ඔහුගේ ඇඟිලි තුඩු අතර නතර විය.

"මේ පෙරළිය වුණේ එක්‌දහස්‌ නවසිය අසූ ගණන්වල. ඒ කාලේ අපි ගංජා ඉරුවේ කාප්පයෙන්. යාළුවොත් ඕනෑ තරම් හිටියා. අයාලේ යන උන්ට ඕන තරම් අය සෙට්‌ වෙනවා. එක දවසක්‌ අපි තුන් හතර දෙනෙක්‌ සෙට්‌ වෙලා කාප්පයක්‌ උර උර ඉන්නකොට එකෙක්‌ ඇවිත් කිව්වා. "පොඩි බඩු ටිකක්‌ තියෙනවා. මොකද කියන්නෙ කරමුද" කියලා ඇහුවා. ඒ දවස්‌වල මටත් ඕනා මොන මළදානෙ ගහලා හරි මත් වෙන්න. එදා තමයි ජීවිතයේ පළමු වතාවට කුඩු ඉරුවේ. එදා මට ඒ දේ කරන්න එපා කියන්න කවුරුවත් හිටියේ නැහැ.

කුඩු උරන අය මට ලස්‌සන සුරංගනා ලෝකයක්‌ මවලා පෙන්නුවා. ඇත්ත කුඩු ඉරුවට පස්‌සෙ මගේ හිතේ තිබුණු දුක වේදනාව අතුරුදන් වෙලා ගියා. මමත් හිතුවා මේක තමයි හිතේ දුකට හොඳම බෙහෙත කියලා. අන්තිමේ මම තුන්වේලටම බඩු කන්ටිනියු කළා. මේ වැටෙන්න යන්නෙ කොතනටද කියලා එදා මට තේරුණෙ නැහැ. අන්තිමේ මට කුඩු නැතුවම ඉන්න බැරිව ගියා. පස්‌සෙ පස්‌සෙ කන්ටිනියු කර ගත්තෙ නැත්නම් ඇඟ ගැහෙන්න පටන් ගත්තා. මට ගම අපායක්‌ වුණා. මාව ගෙදරට වදයක්‌ වුණා. මම මේ අපායෙන් මිදිලා කොහේ හරි යනවා කියලා හිතාගෙන කාටවත් නොකියා එදා ගාල්ලෙන් කොළඹ බස්‌ එකකට නැඟලා කොළඹ ආවා. මම අදටත් ගමට ගිහිල්ලා නැහැ. ජීවිතය ගෙන්දගම් පොළවටම ගෙවිලා ගියා. ගම අපායක්‌ කියලා හිතලා කොළඹ ආපු මම වැටුණෙ ඊටත් වඩා අපායකටයි." දැන් ඔහු දිනපතා තුන්වේලටම කූඩු උරන්නෙකි. එහෙත් ඔහු තවකෙක්‌ කුඩුවලට ඇබ්බැහි වෙනවාට අකැමැතිය. ඒ හෙරොයින් ශරීරිගතවීමේ වේදනාව ඔහු හොඳින්ම විඳි කෙනෙක්‌ වූ හෙයිනි. සමාජයට හෙරොයින් (කුඩු) කරන විනාශය කුඩ්ඩෙකුගේම භාෂාවෙන්ම අපි නැවත කියමු.

"මම කුඩු උරනවා තමයි. ඒක මට මැරෙනකම් නවත්වන්න බැහැ. දැන් මම ඒකට ඇබ්බැහි වෙලා ඉන්නෙ. බඩු ටික කන්ටිනියු වෙලා µSලින් එක ඇඟට ගත්තට පස්‌සෙ මගේ හිතේ තියෙන සියලු දේවල් අමතක වෙනවා. ඊට පස්‌සෙ මගේ ජීවිතය නැවත ගමන් කරනවා. නැත්නම් මට මක්‌කරලවත් ඉන්න බැහැ මගේ ජීවිතය විනාශ වුණු හැටි චිත්‍රපටයක්‌ වගේ මැවෙන්න පටන් ගන්නවා. ඒත් සර් මම තරුණ පරපුරට කියන්නෙ මොන දේ කළත් මේ මාරයාව නම් ළඟට ගන්න එපා කියලා. කුඩු කියන්නෙ සමාජයට ත්‍රස්‌තවාදයක්‌. කොටි නම් වෙඩි තියලා බෝම්බ ගහලා එක පාර අපේ මිනිස්‌සුන්ව මරලා දැම්මා. මේ ත්‍රස්‌තවාදියා එහෙම නෙමෙයි ටික.. ටික.. සමාජය මරන්නෙ. අද මේ කොටුවේ කොච්චර ඉන්නවද සර් කුඩු උරන උන්. ඒත් මම කියන්නෙ ඔය ළඟදී කුඩු උරන්න පටන් ගත්ත උන්ට තාම පුළුවන් මේ ජරාවෙන් මිදෙන්න. පලයල්ලා එගොඩට. හිතපල්ලා.. ඕක සුරංගනා ලෝකයක්‌ නෙමෙයි මායා ලෝකයක්‌. දෙවියෙක්‌ වගේ උඹට ඔය පේන්නෙ උඹව බිලි ගන්න ආපු මාරයාව."



මම කුඩ්ඩෙක්‌ තමයි. ඒත් සර් මම තව කෙනක්‌ව මේ ජරාවට ඇබ්බැහි කරගන්නෙ නැහැ. කිසිම දවසක කිසිම එකෙක්‌ එක්‌ක කුඩු උරන්නෙත් නැහැ. කවුරුහරි කොල්ලෙක්‌ ඇවිත් කුඩු තියෙන තැනක්‌ මගෙන් ඇහුවොත් මම ඌට ගහනවා. එහෙම කරලත් තියෙනවා. කුඩුවල තියෙන බරපතළකම දැන් සමාජය දන්නවා. එදා අපි කුඩුවලට ඇබ්බැහි වුණේ මේකේ බරපතළකමක්‌ නොදැනයි. ඒත් අද සමාජය දන්නවා මේ මාරයාගේ හැටි. ඒ බව දැන දැනත් ඇයි සර් මේ මෝඩ හැත්ත මේකට ඇබ්බැහි වෙන්නෙ. තරහාකාරයෙක්‌ටවත් මම කියන්නෙ නැහැ මේ දේ කරපන් කියලා. ඒකෙ තියෙන වේදනාව මම දන්නවා. ඒ නිසා තමයි කන්ටිනියු කරන්න ඕන. මම දැනුත් ඉන්නෙ සික්‌ එකේ"

කතාව අපූරුය. ඒ වචන ටික කීවේ හෙරොයින්වලට ඇබ්බැහි වී නන්නත්තාර වූ කුඩ්ඩෙකි. දැන් ඔබට තේරෙනවා ඇති කුඩුවල තියෙන බරපතළකම කොටුවේ කුඩ්ඩෙක්‌ කීවේද හෙරොයින් සමාජය වනසන ත්‍රස්‌තවාදියෙක්‌ කියාය. එසේ නම් මානුෂීය මෙහෙයුමක්‌ කර එල්.ටී.ටී.ඊ ත්‍රස්‌තවාදයේ සියලු අක්‌ මුල් පවා විනාශ කර දැමූ මේ ආණ්‌ඩුවට මෙරටට කුඩු එන්නත් කරන සිදුරු ටික වසා දැමීමට නොහැකි මන්ද? එසේ නොවෙන්නෙ දේශපාලනයට සම්බන්ධ උන් මේ කුඩු ත්‍රස්‌තවාදයේ කොටස්‌කරුවන් වී සිටින හෙයින්දැයි සමාජය ඉදිරියේ 



තරංග රත්නවීර
ඡායාරූපධම්මික සල්වතුර
(උපුටා ගැනීමකි)





Read more

අර්ධ අවධානය ...

0 comments

ඔන්න ඉතින් මේක දැකලා මට බනී ද දන්නේ නේ මේ කතාවට අදාල කෙනා... හී හී..මම අහල තියෙනව ගොඩක් අය කියනවා  මිනිස්සු කව්රුත් එකිනෙකට සමාන නෑ කියල.එත් මම ජීවිතේ මේ තාක් දුරට ඇසුරු කරපු සමාජය අනුව මම දැකපු දෙයක් තමා ඒ කතාව 100% නිවැරදි නෑ කියන එක.එක 50%ක්  හරි..මම හිතන දකින විදිහට ඒ 50% හැදෙන්නේ ගැහැණු හා පිරිමි අනුව.මිනිස්සු අතරින් සමාන නැත්තේ ගැහැණු හා පිරිමි කියන දෙපාර්ශවය මිසක් සියලුම දෙනා නෙවෙයි කියලයි මට හිතෙන්නේ.
                                                                                                                               මේකට මම පොඩි පරීක්ෂණයක් කරලා බැලුව.ඒ මගේ වටේ ඉන්න අදුරන අයගෙන් තමන්ගේ ගෑනු ළමය ගැන පොඩි පොඩි විස්තර අහල බැලුව එක.ඒක එක්තරා විදිහක ඕපාදුප  හෙවිල්ලක් .මම මෙතැනදී කියන්නේ මිනිස්සුන්ගේ බාහිර ස්වරූපය ගැන නෙවෙයි .සිතුම් පැතුම් හැගීම්  ගැන.ඒ විදියල හොයල බැලුවම මට තේරුණා දේ තමයි  හැම කාන්තාවම  එකයි  කියන එක..එක වැරද්දක් කියල නෙවෙයි  මම කියන්නේ.මෙහෙම වුනේ කොහොමද කියන එක තමා ඉතින් ප්‍රශ්නේ.මේ සමාන කම තියෙන්නේ කාන්තාවන් අතරේ විතරක් නෙවෙයි.පුරුෂ පාර්ශවයත් ඒ විදියමයි.එකත් මම හොදට අත්විදලා තියනවා.එකිනෙකා අතර අඩු වැඩි වශයෙන්  වුනත් දකින්නට තියෙන්නේ එකම විදිහේ සිතුම් පැතුම් සහ හිත වල තියෙන්නේ එකම විදිහේ හැගීම්.එක එක අතකින් හරි සුන්දරී.ඒ වුනාට බලගන ගියාම ඒකාකාරී.අපිට කොඉ තරම් වෙනස් කියල බාහිරින් පෙන්නන්න පුළුවන් වුනත් ඒක ඇතුලතින් හරිම සමානයි.
 
         මෙන්න ඉතින් ඕක කියන්න හේතු වුන කතාව.එක්තරා ගනු ළමයෙක් ලියනවා ලස්සන කවි පන්තියක්.එකෙන් කියවෙන්නේ තමන් ගැන අවදනය නොකරන මහත්තයාට දෙන්න ඕනේ දඩුවම ගැන.කොහොමද කියන්නේ හරියටම ඒ මහත්තයා ගේ අවදානය තිබුනේ වෙනත් දෙයක් ගැන කියල.සමහර විට ඇය කියන කතාව ගැන නැති වුනත් ඒ අවදානය තිබුනේ ඇය ගැන ම නම්??? එතකොට ඒ දඩුවම සාධාරණ  ද?
එහෙම දඩුවම් දෙන්න කලින් තව පාරක් හිතල බැලුවොත් නේද හොද?කොහොම වුනත් මේ  විදියට හිතන්නේ මේ ලෝකේ ඉන්න හැම කාන්තවම කිව්වොත් මම වැරදි නැති වෙයි.ඒක හින්ද පිරිමි පාර්ශවෙත් දැනගන්න ඕනේ හැම වෙලේම තමන්ගේ අවදානය තමන් ආදරේ කරන කෙනා ගැනම තියාගන්න.ඒක හැම අතින්ම හොද වෙයි.රණ්ඩු අඩු වෙයි.


Read more

ද ?

0 comments


Read more