අර්ධ අවධානය ...

0 comments

ඔන්න ඉතින් මේක දැකලා මට බනී ද දන්නේ නේ මේ කතාවට අදාල කෙනා... හී හී..මම අහල තියෙනව ගොඩක් අය කියනවා  මිනිස්සු කව්රුත් එකිනෙකට සමාන නෑ කියල.එත් මම ජීවිතේ මේ තාක් දුරට ඇසුරු කරපු සමාජය අනුව මම දැකපු දෙයක් තමා ඒ කතාව 100% නිවැරදි නෑ කියන එක.එක 50%ක්  හරි..මම හිතන දකින විදිහට ඒ 50% හැදෙන්නේ ගැහැණු හා පිරිමි අනුව.මිනිස්සු අතරින් සමාන නැත්තේ ගැහැණු හා පිරිමි කියන දෙපාර්ශවය මිසක් සියලුම දෙනා නෙවෙයි කියලයි මට හිතෙන්නේ.
                                                                                                                               මේකට මම පොඩි පරීක්ෂණයක් කරලා බැලුව.ඒ මගේ වටේ ඉන්න අදුරන අයගෙන් තමන්ගේ ගෑනු ළමය ගැන පොඩි පොඩි විස්තර අහල බැලුව එක.ඒක එක්තරා විදිහක ඕපාදුප  හෙවිල්ලක් .මම මෙතැනදී කියන්නේ මිනිස්සුන්ගේ බාහිර ස්වරූපය ගැන නෙවෙයි .සිතුම් පැතුම් හැගීම්  ගැන.ඒ විදියල හොයල බැලුවම මට තේරුණා දේ තමයි  හැම කාන්තාවම  එකයි  කියන එක..එක වැරද්දක් කියල නෙවෙයි  මම කියන්නේ.මෙහෙම වුනේ කොහොමද කියන එක තමා ඉතින් ප්‍රශ්නේ.මේ සමාන කම තියෙන්නේ කාන්තාවන් අතරේ විතරක් නෙවෙයි.පුරුෂ පාර්ශවයත් ඒ විදියමයි.එකත් මම හොදට අත්විදලා තියනවා.එකිනෙකා අතර අඩු වැඩි වශයෙන්  වුනත් දකින්නට තියෙන්නේ එකම විදිහේ සිතුම් පැතුම් සහ හිත වල තියෙන්නේ එකම විදිහේ හැගීම්.එක එක අතකින් හරි සුන්දරී.ඒ වුනාට බලගන ගියාම ඒකාකාරී.අපිට කොඉ තරම් වෙනස් කියල බාහිරින් පෙන්නන්න පුළුවන් වුනත් ඒක ඇතුලතින් හරිම සමානයි.
 
         මෙන්න ඉතින් ඕක කියන්න හේතු වුන කතාව.එක්තරා ගනු ළමයෙක් ලියනවා ලස්සන කවි පන්තියක්.එකෙන් කියවෙන්නේ තමන් ගැන අවදනය නොකරන මහත්තයාට දෙන්න ඕනේ දඩුවම ගැන.කොහොමද කියන්නේ හරියටම ඒ මහත්තයා ගේ අවදානය තිබුනේ වෙනත් දෙයක් ගැන කියල.සමහර විට ඇය කියන කතාව ගැන නැති වුනත් ඒ අවදානය තිබුනේ ඇය ගැන ම නම්??? එතකොට ඒ දඩුවම සාධාරණ  ද?
එහෙම දඩුවම් දෙන්න කලින් තව පාරක් හිතල බැලුවොත් නේද හොද?කොහොම වුනත් මේ  විදියට හිතන්නේ මේ ලෝකේ ඉන්න හැම කාන්තවම කිව්වොත් මම වැරදි නැති වෙයි.ඒක හින්ද පිරිමි පාර්ශවෙත් දැනගන්න ඕනේ හැම වෙලේම තමන්ගේ අවදානය තමන් ආදරේ කරන කෙනා ගැනම තියාගන්න.ඒක හැම අතින්ම හොද වෙයි.රණ්ඩු අඩු වෙයි.


Post a Comment