පච්ච....

0 comments
ලංකාව කියන්නේ දියුණු වෙමින් පවතින රටක්ලු කියනවා නේ. අපේ රටට මොකක් හරි අලුත් තාක්ෂණික හෝ වෙනයම් විලාසිතාවක් ආවම ඉතාම ඉක්මනින් එක ව්‍යාප්ත වන ප්‍රවනතාවක් රට වැසියෙක් විදිහට මම දකිනවා. ඒකට ඉතාම හොඳ උදාහරණ කීපයක් මම කියන්නම්.අපි පාසල් යන කලේ (මහා ලොකු අතීතයක් නෙවෙයි ඔන්න) උසස් පෙළ පන්ති වල වගේ ඉද්දි lap-top කියන්නේ අපිට මහා ලොකු දෙයක්.ඒ කාලේ lap-top දැක්කෙත් අහම්බෙන් වගේ.එත් දැනට අවුරුදු දෙක තුනක් ඇතුලත අපේ රටේ මේක හැම ගෙදරකම තියන සාමාන්‍ය භාණ්ඩයක් තරමට ම පත් වෙලා. ජංගම දුරකථන, අන්තර්ජාල පහසුකම,කොන්ඩ විලාසිතා,ඇදුම් විලාසිතා ආදියද  ඒ විදිහටම අපී රටේ ඉක්මනින් ව්‍යාප්ත වුන හා අනාගතෙදී එසේ වියහැකි දේවල්. මීට අමතරව තව ඕනේ තරම් උදාහරණ ඇති.එත් ඒවා අපේ ප්‍රධාන මාතෘකාවට අදාළ නෑ.  
                                             මෙහෙම මම ඉක්මනින් ව්‍යාප්ත වෙන දේවල් ගැන කතා කරේ වර්තමානයේ අපේ තරුණයෝ අතරේ ගොඩක් ජනප්‍රිය වෙමින් පවතින පච්ච කලාව හින්දයි. මේක ලංකාවට අලුත් දෙයක් නෙවෙයි.එත් වැඩිය ප්‍රසිද්ධියේ භාවිත වුනේ නෑ කියල මම හිතනවා. 
              මම එහෙම කිව්වේ මේකයි.සාමාන්‍යයෙන් හුඟ දෙනෙක් පච්ච ගැහුවේ නොපෙනෙන තැන් වල....මම හරිද???? ඒ කිව්වේ කුනුහරුපයක් එහෙම නෙවෙයි.සාමාන්‍යයෙන් පපුව,පිට,උර භාහු වැනි පිළිවෙලට ඇදුමක් ඇන්දම නොපෙනෙන ස්ථාන වල.එත් දැන් ඒක පොඩ්ඩක් වෙනස් වෙලා.එලි පිටම පච්ච ගහගන ඉන්නවා. තමන් ගහල තියන පච්චය අන් අයට  පැහැදිලිව  පෙනෙන ලෙස ඇදුම් ඇදීමට පවා තරුණයෝ හුරු වෙලා තියනවා. අතීතයේ ගමේ ටිකක්  මැර පාර්ට් එක දාගන ඉන්න උදවිය පච්ච  ගැහුවට දැන් එක විලාසිතාවක් බවට පත් වෙලා.හොද ජනප්‍රිය වෘත්තියක් බවට පත් වෙලා.කාටවත් කරදරයක් නැති මේ විලාසිතාව ගැන චෝදනාවක් එල්ල වෙනවා මම නම් දැකල නෑ.
                  පච්චයක් කොටනවා කියන්නෙත් එසේ මෙසේ වැඩක් නෙවෙයි.එකට පච්ච නිර්මාණශිල්පියාට ඒ විෂය ගැන හොද දැනුමක්,හැකියාවක් වගේම ලොකු ඉවසීමක් තියෙන්න ඕනේ.මෙහිදී සිදුවන්නේ සම පිළිස්සීමකට ලක්කර ඒ තුලට යම් රසායනික වර්ණකයක් ඇතුල් කිරීමයි.(මම අහල තියන විදිහට)යාන්ත්‍රිකව දැන් මේ වැඩේ කරනවා. එහිදී පච්චය ගැසීමට පෙර යොදන රසායනික සමට ඔරොත්තු දෙනවද කියල මුලින්ම බැලිය යුතුයි.එසේ නොමැති වුවහොත් විෂ වීමක් සිදුවිය හැකියි.ඊට අමතරව මෙහිදී සම අභ්‍යයන්තරයේ ක්‍රියාවලියක් සිදුවන නිසා මෙහිදී යොදාගන්න උපකරණ වල පිරිසුදුකම ඉතාම වැදගත්. එසේ නොමැති වුවහොත් ඒඩ්ස් වැනි රෝග පවා  වැළදීමේ අවදානමක් තියනවා.එක හින්ද ගොඩක් සැලකිලිමත් වෙන්න ඕනේ.
             ඉතින් ඔබත් මේ පච්ච කලාව ගැන උනන්දු වෙනවා නම් පහල තියන වීඩියෝ ටිකත් වැදගත් වෙයි.කාටවත් කරදරයක් නැති සුන්දර පච්ච කලාවට ලංකාව තුල දීර්ඝායු වේවා !!!!





Post a Comment