අන්ධ වුන අය ඉක්මනින් සුව වෙන හැටි...

0 comments
මේක සමහර කට්ටියට ටිකක් තද වෙන කතාවක් වෙයි...එත්  ඉතින් කාට තද වුනත් මට මොකද...මෙන්න මේකයි ලෙඩේට තියන බෙහෙත...හොදට ආදරේ කර කර ඉදල කන්න ඕනේ නියම බූට්‌ එකක්..දැන් කට්ටිය බලයි මොකක්ද මේ කුනුහබ්බේ කියල..මේකනේ කතන්දරේ...සමහරු ආදරේ කරනවා තමන්ගේ ගෑනු  ළමය තමා මුළු ලෝකෙම,මුළු ජීවිතේ ම කියල හිතාගෙන..ඒ ආදරේ කරන කාලෙ හැම විනාඩියම මතක් වෙන්නේ එයාව...හිතන්නේ එයා ගැන...කාලය වෙන් කරන්නේ ගෑනු ළමයාගේ වැඩ වලට...කන්නේ බොන්නෙත් ඒ විතරක් ද වැසිකිලියට යන්නෙත් එයා ගැන හිත හිත.ඔන්න ඔහොම ආදරේ කරනවා නේ අපි ගොඩක් දෙනෙක්...


                               එත් කව්රුත් හිතල බැලුවද තමන්ව මාස 10 ක් තිස්සේ බඩේ තියාගන හදපු අම්මා වගේම  තමන්ගේ හැම දේටම වියදම් කරන තමන් ගැන වත් නොහිත දරුවෝ ගැන හිතන  අප්පච්චි  ගැන...ලව්  කරන කාලෙට දෙමව්පියෝ මාර ඇනයක් විදිහට දකින කී දෙනෙක් මේ වෙද්දී ඉන්නවද...? ටික කලෙකදී ලං වුන ගෑනු ළමය මේ රත්තරන් දෙමව්පියෝන්ට වැඩ වටිනවා කියල හිතුවේ ආදරේ තියන අන්ධ  කම හින්ද නේද? මම ඇහුවොත් ඔයාල වැඩියෙන්ම ආදරේ දෙමව්පියන්ට ද නැත්තම් අදරවන්තියට ද කියල? මම දන්නවා...ගොඩක් ය කියි දෙමව්පියන්ට කියල...එත් ආදරේ කරන කාලේදී කීයෙන් කී දෙනාද තමන්ගේ අම්මා අප්පච්චි ගැන හිතන්නේ...ඔන්න ආදරේ කරලා කරලා අන්තිමේ කෙල්ලගෙන් කනවා නියම බූට්‌ එකක්...මදි නොකියන්න...ඊට පස්සේ තමා මේ වැහුන ඇස් ඇරෙන්නේ...ආදරේ කියන්නේ ගොඩක් පිරිසිදු දෙයක්.ආදරේ වැරදියට වටහාගෙන ඉන්න අය අතරේ නියම විදිහට ආදරේ කරන්න පුළුවන් නම් එදාට ඔයා දිනනවා...තව එකක් බූට්‌ කෑවත් තමන් තමා එයට ආදරේ නම් කවදාවත් ආදරෙන් පරදින්නේ නෑ...එයා ලග නැතත් ආදරේ කියන දේ මැරෙන්නේ නෑ...එක හින්ද හැමදාම සතුටින් ඉන්න...හැමෝටම ආදරේ කරන්න... වැඩියෙන් දෙමව්පියන් ගැන හිතන්න...

Post a Comment