මැරෙන්න බය මිනිස්සු.......

1 comments
2012.12.21 කියන්නේ මුළු ලෝකෙම බය වෙලා හිටපු දැන් ඒ බය ගොන් පාට් එකක් බවට පරිවර්තනය වුන වුන දවසක් .. ලංකාවේ  නෙවෙයි.ඔය මුළු ලෝකෙම පාලනය  කරන්ඩ සෑහෙන try එකක්  දෙන ඇමෙරිකාව පවා   දෙගිඩියාවෙන් හිටියේ මේ දවස ගැන.එත් අපේ ලංකාවේ චන්දන  ජයරත්න මහත්මයා එහෙම මුල  ඉදලම මේක  වෙන්නේ නෑ  කියල සාක්ෂි සහිතව  තහවුරු කරලා පෙන්නුවා නේ.   
 ඒ කොහොම වුනත් අපේ මිනිස්සුන්ගේ නම් බය අඩු වෙලා තිබ්බේ නැ ... මම ඊයේ(2012.12.22) රෑ  ස්වර්ණවාහිනියේ ප්‍රවෘත්ති බලද්දී දැකපු දේ වලින් එක තහවුරු වුනා.මිනිස්සුන්ගෙන් අරන් තිබ්බ හඬ  පට වල කියවුන දේවල් වලින් ඒ බය කියවුනා.එත් ඇයි මේ තරම් බය?
                                              බයට යටින් තියන ආත්මර්තකමිත්වය ,කුහක කම මේ සිද්දියෙන් වඩාත් කැපිල  පෙනුනා.ගොඩක් දෙනා තමන් මැරෙන හින්ද අනාගතේ කරන්ඩ හිටිය වැඩවලට මුදල් යොදවන්න පැකිලුනා.ඔබ හිතයි එය සාමාන්‍ය දෙයක් කියල. එත් ඊට යටින් තියන  ඇත්ත කතාව නම් මිනිස්සු එහෙම මිනිස්සු එහෙම පැකිලුනේ තමන්ගේ මුදල් වෙන කෙනෙක් හරි ප්‍රයෝජනයට ගන්න  එක වලක්වන්න නෙවෙයි  ද?අපි මැරෙන්ඩ කලින් ඒ මුදල් ප්‍රයෝජනයට ගන්න මිනිහ ඒ මුදල් වලින් විනෝද වෙයි  කියන කුහක චේතනාව  නෙවෙයි  ද?ඊ අපේ මිනිස්සු මේ විදියට හිතන්නේ?මෙහෙම හිතන එක නවත්තන්නේ නැති තාක් අපේ  දියුණු කරනවා කියන එක හීනයක් පමණයි.අපි අපේ අනාගත පරම්පරාවට වත් මේ වගේ ආත්මාර්ථකාමී නොවී ජීවත්  පුරුදු කරලා ගියොත් අපිට නැතත් කවද හරි ඒ අයට හරි ලස්සන රටක් ලස්සන ලෝකයක් හැදෙයි.... හිතන්න මනසින් නොව හදවතින්...  



1 comment:

  1. ආයි මේ කපේට ලෝක විනාශයක් එන එකක් නෑ කියල ඊයෙන් ඔප්පු කරගෙන අය්යල මල්ලිලා නගාල අක්කලා කුහකකම් nonstop කරගෙන යයි. ඒක තමයි අන්තිමේ වෙන්නේ. හික්ස්

    ReplyDelete