2 වැනි පාඩම (HTML tags)

3 comments
2 වැනි පාඩමටත් ආයුබෝවන් කිව්වා.අපි දන්නවනේ HTML  කියන්නේ tag base language එකක් කියලා.ඒක හින්ද අපි මුලින්ම ඒ tags ගැන ටික ටික ඉගෙනගමු. දැනටමත් මෙහි ඇති <html>,<body> tags ගැන ඔයාලට  අවබෝධයක් ඇති කියල මම හිතනවා.දැන් අපි තව ටිකක් ඉස්සරහට යමු.

<h>,</h> මේක තමා අපි මොකක් හරි හෙඩිමක් ලිවීම සදහා යොදාගන්නේ.මේකත් මතක තියාගන්න.ඕනෑම tag එකක් ආරම්භ කල පසු අපිට අවශ්‍ය දේ  එම tag එක තුල සටහන් කිරීමෙන් පසු එම tag එක වැසිය යුතුයි.උදාහරණයක් විදිහට heading එකක් ආරම්භ කිරීමට <h> යොදන අතර </h>මගින් එය අවසන් බව පැවසේ.


<h1>This is my web site</h1>

<h2>Enjoy with this</h2>
<h3>You can learn more</h3>

 මේ විදිහට අපිට <h> tag එක අපේ වෙබ් පිටුවේ යොදාගන්න පුළුවන්.මම දැන් අපේ වෙබ් පිටුවේ  කිව්වම ඔයාලට තේරෙන්න ඕනේ මේ tag එක යෙදෙන්නේ කොහෙදිද කියල.ඒ තමයි අපේ වෙබ් පිටුවේ <body> tag එක ඇතුලේ.මම මේ උදාහරණේ දී විතරක් එය පැහැදිලි කරන්නම්.


<html>

     <body>
             <h1>This is my web site</h1>
             <h2>Enjoy with this</h2>
             <h3>You can learn more</h3>
    </body>
</html>

 එහෙමයි වෙන්නේ.

---------------------------------------------------------------------------------------------------------------------------------
ඊළගට <p> tag එක.මේක යොදාගන්නේ වාක්‍ය එකතුවක් නොහොත් චේදයක් ලිවීමේදී.

<p>We are student.So we have to learn more.Don't waste your time.Study study study.</p>

-----------------------------------------------------------------------------------------------------------------------------
වෙබ් පිටු වල අනිවාර්ය අංගයක් තමයි   ලින්ක් කියන්නේ.ඒක හින්ද දැන් බලමු කොහොමද ලින්ක් එකක් නිර්මාණය කරගන්නේ කියල.

<a href="http://pihipara.blogspot.com">pihipara</a>


මෙහි <a> tag එක තුල අපි ලින්ක් එක කල පසු සම්බන්ධ විය යුතු වෙබ් පිටුව,වෙබ් අඩවිය  දැක්විය යුතුය.
href="http://pihipara.blogspot.com" ලෙස දක්වා ඇත්තේ එයයි. pihipara  යනුවෙන් දක්වා ඇත්තේ අපේ වෙබ් අඩවිය තුල ඇති ලින්ක් එකයි.

--------------------------------------------------------------------------------------------------------------------------

අද අන්තිමට මම කියන්නම් තවත් වැදගත්ම tag එකක් ගැන.ඒ අපේ වෙබ් පිටුවට රූපයක් ඇතුලත් කරගන්න යොදාගන්න tag එක.

<img src="Camera.jpg" width="100" height="100">


මෙහිදී අපි දැක්විය යුතුයි අපි යොදාගන්න රූපය අන්තර්ගත වී ඇති ස්ථානය.src="Camera.jpg" විදිහට එය ලබා දෙන්න පුළුවන්.හරියටම රූපය තියන ස්ථානයේ path එක දුන්නේ නැති  වුනොත් ඔබේ වෙබ් පිටුවේ එය දර්ශනය වෙන්නේ නෑ.Height හා Width මගින් රූපයේ උස හා පළල දෙන්න පුළුවන්.එය අපට අවශ්‍ය විදිහට වෙනස් කල හැක.ඒවාට රූපයේ  ගුණාංග නොහොත් attributes යයි කියනු ලබනවා.


--------------------------------------------------------------------------------------------------------------------------

 අපි ඉගෙනගත්ත tags සේරම එකවර යොදාගන අපිට වෙබ් පිටුවක් සකස් කරගන්න පුළුවන්.පහත දැක්වෙන්නේ එයයි.අදට එච්චරයි.ජය වේවා !!!




3 comments: