3 වැනි පාඩම(HTML Elements)

1 comments

දවස් ගානක් හිත හිත හිටියත් බ්ලොග් එකේ ගොඩක් වෙනස් කම් කරපු හින්ද වෙලාවක් තිබ්බේ නැ මේ පාඩම දාන්න.අපි කලින් පාඩමෙන් ටැග්ස් කීපයක් ගැන ඉගෙනගත්ත නේ.තව සාහෙනට ඉගෙනගන්න තියනවා.ඊට කලින් තව දෙයක් ගැන කියන්න හිතුව.ඒ තමයි "Elements".HTML පිටුවක් හැදිලා තියෙන්නේ මේ Elements වලින්.

"ඒ මොන කුණුහරපයක්ද?මූට පිස්සුද කොහේදෝ.කලින් කිව්වා HTML පිටුවක් හැදිලා තියෙන්නේ ටැග්ස් වලින් කියල.දැන් වෙන මගුලක් කියනවා." හී හී.

මේකයි සිද්ධිය.Elments වලටත් ටැග්ස් ගැවෙනවා.අපි මුලින් කිව්වා ටැග්ස් වලට ආරම්භයක් වගේම අවසානයකුත් තියනවා කියල.ටැග් එකක ආරම්භයේ සිට අවසානය දක්වා එහි අන්තර්ගත සියලුම දේට තමා Element එකක් kiyanne.
උදා : <p>HTML Elements</p>

දැන් වැඩේ පැහැදිලි ඇති කියල හිතනවා.තව උදාහරණ ටිකක් දෙන්නම්කො.

*මේ තමයි <body> element එක.

<body>
     <p>HTML Elements</p>
</body>

*මේ <html> element එක.

<html>

         <body>
                 <p>HTML Elements</p>
         </body>

</html>
 ටැග් එකක් ආරම්භ කරාට පස්සේ ඒක වහන්න අමතක කරන්න එපා.සමහර ටැග්ස් තියනවා (<br> වගේ)
එහෙම වැහුවේ නැතත් වැඩ කරන.එත් පුරුද්දක් විදිහට ඒවාත් වහන්න.<br> ටැග් එක <br/> විදියට වහන්න පුළුවන්.
   
 *<p>HTML Elements  මෙහෙම තිබුනොත් මේ ටැග් ඒක වැඩ කරන්නේ නෑ.

කලින් මම කිව්වා නේ <br> ටැග් ඒක ගැන.අපි html පිටුවේ යම් දෙයක් දිගට ලියාගන යන විට අපිට යම් තැනකින් එය විසන්දි (break) කරන්න අවශ්‍ය වූ විට මේ ටැග් ඒක යොදාගන්නවා.එමගින් ඊලග පේලිය වෙත අපේ වාක්‍ය හෝ වෙනයම් සටහනක් ගමන් කරනවා.

<p>html Elements and  <br/> break tag </p>

මෙය අපේ වෙබ් පිටුවේ පෙන්නන්නේ.

html Elements and 
break tag 

විදියටයි.

එහෙනම් අදට මෙච්චරයි.ඊලග පාඩමින් හමුවෙමු.



1 comment: