පොලව යටට බඹ 90 ක් ගිහින් සිරීපාදයත් බැලුවෙමි.(1 කොටස)

11 comments
මේක දැක්කම එකපාරටම අසාමාන්‍යයි  වගේ පේනවා ඇති.එත් මේක ඇත්තටම මගේ ජීවිතේ ලැබුන ගොඩක් සුන්දර දුර්ලභ අවස්තාවක්.අවුරුද්දට කියල ලැබුන නිවාඩුවේ මගේ මිතුරෙක් යෝජනා කර ට්‍රිප් එකක් යන්න.මාත් ඉතින් බලාගෙන ඉන්නේ ඔය වගේ චාන්ස් එකක් එන්නේ කොයි වෙලාවෙද කියල නේ.එක පයින්ම යමු කියල තමයි ඇහුවේ කොහෙද යන්නේ කියල.හී හී... ඒ වෙද්දී යාළුවා වැඩේ ගානට ප්ලෑන් කරලා තමයි මට කියල තියෙන්නේ.සිරීපාදේ යන්න තමයි අදහස.මමත් ජීවිතේට ගිහින් නැති හින්දත්,සෑහෙන අසාවෙන් යන්න හිටිය ගමනක් හින්දත් අදහස ස්ථීර කරා....යන්න වෑන් එකකුත් යාළුවා සෙට් කරලා.අහ්හ් කියන්න අමතක වුනා.පොර කෑගල්ලේ.වටේ පිටේ ඉන්න කට්ටියකුත් ගමනට සෙට් කරගත්ත.
                    ඔන්න ඉතින් කෑගල්ලේම ඉන්න තව එකෙක් ගමනට දවස් දෙකකට විතර කලින් කිව්වා මෑන්ස් අදුරන කෙනෙක් ඉන්නවා බෝගල පතලේ,එහෙත් ගිහින්ම යමු කියල.ගිහිල්ලා වට පිට විතරක් බලන්න නෙවෙයි,පතල ඇතුලටත් යන්ඩ පුළුවන් කිව්වා.පිස්සු හැදෙනවා නේ.කවදා  කාපු ටකරං ද මේවා?මේ වගේ අවස්ථාවක් ඉතින් මග අරින්නේ මොන සත්වයාද.අපි සෙට් එකම ඒ යෝජනාවත් ඉස්තීර කරගෙන ගමන පිටත් වුනා.ගමන පටන් ගත්තේ කෑගල්ලේ හාදයාගේ ගෙදරින්.තැන් තැන් වල හිටපු උන් එකා දෙන්න එහෙට සෙට් වුනා.උදේ 10 විතර අපි අතුරු ආන්තරාවක් නොවේවා කියල හිතාගෙන ගමන පිටත් වුනා.ගෙදර ඉදලා පතල ලගට විනාඩි 20ක වගේ දුරක් තමයි තිබ්බේ....

ඔන්න අපි ගේට්ටුව ගාවට ඇවිත් අවසර ගත්තා....



අපේ යාලුවාගේ යාළුවා ඇවිත් අපිව පිලි අරගෙන (මල් මාල එහෙම දාලා නෙවෙයි ඈ) අපිව ඇතුලට එක්කගෙන ගියා.ඊට පස්සේ අපිට මේ කර්මාන්තශාලාව ගැන,එහි ඉතිහාසය,මේ පතලේ ස්වභාවය වගේම මිනිරන් ගැනත් ඉතාම වටිනා දේශනයක් දුන්න.මට මතක තියන විදිහට කියන්නම්කො.මොකද මේ ගමන ගිහින් මාසයක් වෙන්නත් ලගයි.අද තම ලියන්න අවස්තාවක් ආවේ.


මේ පතලේ වැඩ කරන්නේ සම්පූර්ණයෙන්ම වගේ අපේ රටේ කාර්මිකයින්.නමුත් මේක අයිති ජර්මානු සමාගමකට.GK කියන්නේ එකේ නම.1847 තමයි ආරම්භය.සෑහෙන ඉතිහාසයක් තියනවා.අපේ රටේ මිනිරන් වලින් ලොකු ව්‍යාපාර කරන්නේ නෑ නේ.මේ පතලෙන් ගන්න මිනිරන් මේ ආයතනය තුලදීම වෙන් කරලා අරන් පිරිසිදු කරලා පිටරටට යවනවා.මේ පතලේ ගැඹුර බඹ වලින් 270ක් (බඹ 1=අඩි 6ක් හරිය).පතල තුල භාවිතා වන්නේ පැරණි ඒකක ක්‍රමය මයි.ඒ ඔවුන්ගේ පහසුවට ලු.මේ භුමියේ මිනිරන් පිහිටා ඇති ආකාරය පහත රූපයේ දැක්වෙනවා.ස්ථර දෙකක් විදිහට ඇති මෙය විශේෂ නම් දෙකකින් හදුන්වනවා ඔවුන්ගේ පහසුවට.ඒ කුඹුක් හා නා (ශාක) විදිහට.


මෙම ස්ථර දෙක මැදින් තමයි පතල් ලිඳ (shaft) හාරලා තියෙන්නේ.එහෙම පහලට හාරාගෙන යන අතරේ ඒක ඒක භුමි ස්ථර වල සිට දෝනා(උමං වගේ) හාරනවා.පතල් ලිඳ හරියටම සිරස්.දෝනා හාරන්නේ අපි ඉහලින් දැක්ක කුඹුක්,නා ස්ථර හමුවෙනකල්.මෙම ස්ථර දෙක,ගැඹුරට යන්න යන්න පතල් ලිඳේ සිට ඇති දුර වැඩිවෙන විදිහට තමයි පිහිටලා තියෙන්නේ.


අප්පේ අකුණුත් ගහනවා...කරලා තියන ඒවායේ හැටියට එකක් වැදීමේ සම්භාවිතාව 3/4 විතර....

පහත රූප දෙකෙන් දෝනා පිහිටා ඇති ආකාරයත්,පොලව මතුපිට සිට ගැඹුරට පතලේ ස්ථර පිහිටා ඇති ආකාරයත් පෙනෙයි.පැහැදිලි නැති වෙයි ද මන්ද.හදිස්සියට හැම එකෙන් ම ඒක රූපේ ගානේ විතරයි ගත්තේ.

පතලේ ස්ථර.




මෙහි පෙනෙන රේඛා මගින් දෝනා පෙන්නුම් කරයි.
ඔය විස්තර ටිකත් අහගන ඊළගට අපි ගියේ පොළව යටට යන්න.පතල් ළිද ගාවට අපිව එක්කගෙන ගියා.ඒක ගාවට ගියාම පල්ලෙහාට යන්ඩ නිකං මොකක්දෝ මොකක්දෝ වගේ.පල්ලෙහාට යන්නේ ලිෆ්ට් ඒකක.මිනිස්සු ගෙනියන්නත්,පහලින් හාරන ලද මිනිරන් ඉහලට ගේන්නෙත් එවගේම එක එක දේවල් පහලට  ප්‍රවාහනය කරන්නෙත් එකෙන්.අපේ සෙට් එකේ 12ක් විතර හිටිය.කණ්ඩායම් දෙකකට කඩලා යමු කිව්වා.මැරෙන්ඩ බය උන් ඉදලා ඉතිරි උන් මුලින්ම ගියා.මම ඔය කොයි කණ්ඩායමේද හිටියේ කියල coment දාපල්ලා. හැබැයි පහල තියන පොටෝ කෑලි දැක්කම ඒක තේරෙයි. :ඩී 




පතලට බහින්න පෙර උපදෙස් දෙමින්.
සෝපානය තුලින් පතල තුලට ගමන් කරන අයුරු .

                  පතල ඇතුලට කැමරා ගෙනියන්න එපා කිව්වා හින්ද තියල ගියා.පොලව යටට බඹ 72ක් ගියා.අඩි වලින් නම් 72x6(ගුණ කිරීමට කම්මැලි).අප්පේ!!! ඒක නම් වෙනම ලෝකයක්.පිස්සු හැදෙනවා අප්පා.පල්ලෙහාට ගියාම කිව්වා ෆොටෝ ගත්තාට කමක් නෑ කියල.දැන් ඉතින් අහවල් එකෙන් පොටෝ ගහන්නය............එකෙක් ගාව වත් පිළිවෙලකට කැමරාවක් තියන ෆෝන් එකක් තිබ්බේ නෑ.ඔක්කොම මල් කඩන උන් හින්ද 1100 තමයි පාවිච්චිය....අපරාදේ කිය කිය තවත් අඩි 18ක් පඩිපෙලක් දිගේ බැස්ස.එතන තවත් සෝපානයක්.එතනින් තමා ඉතුරු ටික පහලට යන්නේ.අපිව ඒ තරම් පහලට ගෙනියන්න බෑ කිව්වා ගමන අවදානම් හින්ද. මේ පට්ටම සුන්දර ලෝකේ ටික වෙලාවක් ඉදලා අපහු දවසක එන්න හිත හදාගෙන අපහු උඩට ආවා....ඊට පස්සේ අපිව එක්කගෙන මිනිරන් පවිත්‍ර කර අසුරන කර්මාන්තශාලාවන් වෙත අරන් ගියා...ඒවත් බලලා අපි මේ අමුතුම ලෝකෙන් එලියට ආවේ අපිව එහෙට එක්කගෙන ගියපු හැමෝටම පින් දෙන ගමන්...

අපේ ගමනේ සුන්දර තැන් ගොඩයි.තවම ගමන පටන් ගත්තා විතරයි.ඉතුරු ටික ඊලග ලිපියෙන් දාන්නම්කො.එහෙනම් හැමෝටම ජය වේවා...


පතල් ලිඳ වෙත පීලි අධාරයෙන් ගෙනියන ඩක්කු
මිනිරන් පිරුණු පතලේ සිට ගෙන ආ ඩක්කු



11 comments:

  1. ඒ ගමන නම් නියමයි බං. කියල වැඩක් නෑ මම ගිය ට්‍රිප් වලින් සුපිරිම එකක්.
    මට මතක විදිහට උඹ හිටියේ මාත් එක්ක මැරෙන්ඩ බය සෙට් එකේද කොහෙද :P
    මමත් නිකම් ජෙන්ටැල්මැන් වගේ ඉන්නවනේ පොටෝ එකේ සුපිරියට. :D

    ReplyDelete
    Replies
    1. This comment has been removed by the author.

      Delete
    2. කියල වැඩක් නෑ නෙවෙයි...තියනවා.පට්ට ගමන.ඔව් ඔව්.වලස් පුංචා ඔය ඉන්නේ ඇටි කෙහෙල් කාපු මොකාදෝ වගේ.හී හී.

      Delete
  2. අඩෝ.......මාත් මැරෙන්න බය සෙට් එකේ හිටියේ බයට නෙමේ.... තොපේ බය අරින්න.... අනික තමා.....එතන මල් කඩන හැම එකා ලගම තිබ්බේ 1100 නෙමේ......හරිය........ එක මගේ ජංගම දුරකථන රාජයාට කරන ලොකු අපහාසයක්........

    ReplyDelete
    Replies
    1. මාත් ඒ සෙට් එකේ හිටියේ පල්ලෙහාට බහින උන්ගේ පොටෝ කැල්ලක් වත් ගන්න ඕනේ හින්ද.නැද්ද මලේ???
      හී හී.ඔවුමයි නේද?ඇයි හතිලව්වේ උබේ වටිනා ජංගම දුරකථන රාජයා එලියට ගත්තේ නැත්තේ?ඇස් වහ වදී කියලද?

      Delete
  3. ඉතුරු ටික දාදාදාදාපාපාපාපාන්න්න්න්න්.....

    ReplyDelete
  4. මම මුලින්ම මේ පතල බලන්න ගියේ පාසල් ශිෂ්‍යයකු ලෙස 1960 දශකයේ මැද භාගයේදී. මට මතක හැටියට එවකට මෙය පෞද්ගලික සමාගමක්. පසුව ජනසතු කර සංස්ථාවක් බවට පත් කළා. එය පාඩු ලබපු නිසා විවිධ සමාගම් අතර විකුණුනා. මම මුලින්ම ගිය වෙලාවේ පාසල් සිසුන් නිසා බහින්න ලැබුනේ බඹ 50 - 60 ක් වගේ කියලයි මතක තියෙන්නේ. නමුත් 1980 දශකයේදී මම පතලේ ගැඹුරටම බැස හැමතැනම ඇවිද බලන්න අවස්ථාවක් උදාකරගත්තා. ඇත්තෙන්ම මෙහි සේවකයන්ගේ ජීවිතය පුදුමාකාරයි. ඔබ ඒ විස්තර ලියන නිසා නවතින්නම්. මේ ස්ථානයේ සේවක සමාජ ශාලාවක්, එළිමහන් සිනමාහලක් තිබුනා.

    අසමි දකිමි සොයමි ලියන විචාරක

    ReplyDelete
    Replies
    1. අපි මේ ස්ථානයේ රැඳුනේ පැය දෙකක් පමණ.ඒක නිසා ඔබ දන්නා තරම් විස්තර නොදන්නේ යයි හිතනවා.ඔබ දන්නා විස්තර ඉදිරිපත් කරන්නේ නම් ගොඩක් අගය කරනවා.මෙහි ආසන්නයේ අලංකාර බංගලාවක් තියනවා කියලත් අහන්න ලැබුන.නමුත් එම ස්ථානයට යන්නට වෙලාව හරස් වුනා,ඔබ කියනකල් සේවක සමාජ ශාලාව හා සිනමා ශාලාව ගැන මා අසා තිබුනේ නෑ.ඔබේ දැනුවත් කිරීම් වලට බොහොම ස්තුත්යි.ජය වේවා.

      Delete
  5. මම කිව්වා cam ටික අරන් වරෙල්ල කියල......ඇතුලට බැස්සට බැස්සේ අපරාදේ කියා කියා ඉන්නවා................

    ReplyDelete
  6. තව එකෙක් අපහු උඩට යන්න හදනවා cam එක අයෙත් අරන් එන්න........
    :)

    ReplyDelete
  7. කොහෙද.......... කට්ටියකගේ දණිස් වෙවුලන්න ගත්තනේ......... ඉතින් camera වැටෙයි කියල බයේ තියල ගියේ........
    බෙන් දහය ඉක්මන් කොරල ඉතුරු ටිකත් දාපං........

    ReplyDelete