දෙයියනේ කියල ඔන්න තවත් මාසයක් දෙකක් ගෙදරට නාකි වෙන කාලයක් අවා.ඒ මොන හරුපයක්ද කියල හිතනවා ඇති.මේකයි.අපේ විස්ස විද්දියාලෙ ආපහු නිවාඩුවක්.මේ වෙනකොට හරි විදියටනම් දෙවැනි වසරේ භාගයක් ඉවර වෙන්න ඕනේ.එත් යන්තම් පලවෙනි අවුරුද්ද ඉවර කොරගත්ත.යකෝ මේක ලංකාව නේ.ඔය මදැයි නේද?
ඉතින් මේ ඉන්න දවස් ටිකෙත් අපත ගහ ගහ ඉන්නේ නැතුව කාට හරි වැඩක් වෙන දෙයක් කොරන්න තමයි මේ ට්රයි එක ඔන්න.මේ විශයේ මහා ලොකු පණ්ඩිතයෙක් විශාරදයෙක් නොවුනත් මගේ ඉගෙනීම වැඩි දියුණු කරගන්නයි තව කාට හරි උදව්වක් වෙයි කියන පරමාර්ථයත් ඇතුව තමා වැඩේ පටන් ගන්නේ.
මම දන්න ඉගෙනගන්න විදියට "Web Designing","Web Developing " ගැන සිංහලෙන් පාඩම් මාලාවක් ඉදිරිපත් කරන්නයි අදහස.තව එක එක දේවලුත් ඉගෙනගන්න පිළිවෙලට දාන්නම්කො.පුළුවන් අය මට උදව් කරන්නකෝ වැඩේ හෙමීට ගැට ගහගෙන යන්න.
අන්න එකනම් හොඳ වැඩක් ලස්සනට වැඩේ කරගෙන යන්න සුබ පතනවා
ReplyDeleteබොහොම ඉස්තුතියි වලස් පුංචය්යා
Deleteඅන්න හොදයි
ReplyDeleteස්තුතියි.ඔන්න අද ම ආරම්භයකුත් ගත්තා
Deleteඅන්න හොඳ වැඩක් දරුවා ............
ReplyDelete