මා දුටු සුන්දර අග්නිය.

4 comments
Rajeendra Abeygunawardana Photography.
පුතා ලොකු වෙලා කව්රු වෙන්නද කැමති?මේ තමයි අපි කිරිසප්පයා කාලේ දී අපේ අම්මා,අප්පච්චි,නැන්දලා,මාමලා,අය්යලා අක්කලා වගේම අපේ ගුරුවරු යනාදී නොයෙකුත් පිරිස් අපෙන් අහන ලොකුම ප්‍රශ්නේ...මම නම් පොඩි කාලේ ඉඳලාම ඕකට දුන්නු උත්තරේ ඉංජිනේරුවෙක් වෙන්න ආසයි කියලයි.ඔය ප්‍රශ්නෙට උත්තර දුන්නු සමහර අවදි වලදී ඔය වචනයෙක් කියවෙන්නේ මොන හරුපයක්ද කියලාවත් මම දැනගෙන ඉන්න නැතුව ඇති.කොහොමින් කොහොම හරි උසස් පෙලට ගණිතයෙන් මූණ දෙන්න හිතුවෙත් ඔය අරමුණ හින්දම වෙන්නද ඇති.තාම ඒ ගැන හරි වැටහීමක් නෑ.එත් ජීවිතේ සුන්දරම කාලයක් වුනු ඒ කලේ ඉගෙනගන්න එක අපිට Extra Curricular Activity එකක් වුනු අතර ආතල් ගැනීම් තමා අපේ මුලික ක්‍රියාකාරකම වුනේ.ආතල් කිව්වට ඉතින් ඔය සමාජයේ පහත් යයි සම්මත ස්ත්‍රී දුෂණ,මංකොල්ලකෑම් වගේ ඒවා නෙවෙයි.හුදෙක් ආතල් ම තමයි.
                    උසස්පෙළ කරන කලේ අපි පංතියේ හිටියා නම් ඒ මුල්ම කාල පරිච්ඡේදය දී විතරයි.එත් අහම්බෙන් තමයි.ඉතින් ඔහොම පිස්සු නටපු අපේ පංතියේ හිටිය හැම එකාම දැන් හොඳ තැන් වල.එක්කෝ පිටරට ගිහින් ඉගෙනගන්නවා,නැත්තම් ලංකාවේ විශ්වවිද්‍යාලයක.ඒවා ඉතින් හාස්කම් වෙන්ඩත් පුළුවන් නේද?ඉංජිනේරුවෙක් වෙන්න පොඩිකාලේ ඉඳලා හීන දැක්ක මම අන්තිමේ ශ්‍රී ලංකා අග්නිදිග විශ්ව විද්‍යාලයේ ව්‍යවහාරික විද්‍යාපීඨයට තේරුණා කියලා ඔන්න ගෙදරට ලියුමක් අවා.ගෙදර අයගේ සැහෙන සතුටක් තිබුනත් මම නම් අකමැති වුනේ ඉංජිනේරුවෙක් වෙන්න බැරි වුන හින්ද නෙවෙයි ඔන්න.උන්නු හැටියට මට නම් මේක වැඩිත් එක්ක.එත් එක එක මනසින් මවාගත්ත හේතු ගොඩක් එක්ක මට එහි යන එක අප්‍රසන්න හැගීමක් එක් කලා.මොකද ඒ වෙද්දී මගෙ හීන වෙන වෙන මාර්ග ඔස්සේ ගමන් කරපු හින්දා. 
            පොඩි කාලේ ඉදලා ඇස ගැටුණු පේරාදෙණියේ සුන්දරත්වය මා එහිත් බලාපොරොත්තු වුනා.ඒ පරිසරයේදී දැනුන ඇඟ කිලිපොලා යන කැම්පස් හැගීම මා අග්නියේදීත් හෙව්වා.ඒ සුන්දර වටපිටාව,ගස්වැල්,සිසිලස,ආදරණීය කම ඒ විදියටම මම විදින්න අසා වුනා.එත් ලංකාවේ නැගෙනහිර කොනේ තියන අග්නියේ සුන්දරත්වය මට විදින්න ලැබුනේ එයට ඇතුළුවී වසරකුත් පමණ ගිය පසුයි.එතෙක් මම එයට වෛර කලේ මගෙ ජීවිතය වෙනස් මගකට හැරවූ නිසාවෙන්මයි.නමුත් දැන් ඒ වෙනසට මම ගොඩක් ඇලුම් කරනවා.ජාති භේදයකින් තොරව අපි සමග ආදරෙන් වාසය කරන මිනිසුන්,කර්කෂ වුනත් ඒ පොළවෙන් අපේ රටට මහා සම්පතක් එකතු කරන ඒ සුන්දර මිනිසුන් සමඟ වාසය හැම විටම නැවුම් හැගීම් ඇතිකරනවා.වට පිට බැලු බැලු ඇත පෙනෙන්නේ නිමක් නැති මුහුද වැනි වෙල් යායක්.ඒ දුටු විට මුළු මහත් ජාතියටම බත සපයන්න පුළුවන් අපේ රජ දවස ඇරඹුණු නිෂ්පාදන ආර්ථිකයේ විශ්මය මොනවට විදහා දැක්වෙනවා.තවමත් අතීතයේ මෙන් ගොනුන් බැඳී කරත්ත වල යන ගැමියන් කට පුරා සිනාසෙන්නේ දුප්පත්කම තිබුනත් ඒ සියල්ල ඒ හිනාවෙන් වසාගෙන.
                          ඒ අතරම හමු වුන අලුත් මිතුරන්,තරහ මරහ වුනත් අසරණ වූ වෙලාවක බොක්ක වුනත් දෙන්න ඉදිරිපත් වෙන්නේ තනිවුන ලෝකෙක අපි වටා ඉන්නා දෙවිවරු මෙනි.පහසුකම් අඩු නමුත් තියෙන දේ උපරිමයෙන්ම ප්‍රයෝජනයට ගෙන අනාගත පරපුර උදෙසා මෙහි යමක් රැස්කර යාම අපේ ලොකු වගකීමක් විදිහට මා දකිනවා.හැම විටම නෑ බෑ කියමින් ජීවිතයේ ආපස්සට ගමන් කරන්න පුරුදු වුනු අපට,ජීවිතය දකින්න අග්නිය වටිනාම සම්පතක්.ජීවිතේ සුන්දරත්වය ආයෙමත් විදගන්න ලැබුන මේ පින්බිම අපි හැමටම ලැබුණු තිළිණයක්.කාෂ්ට හිරු එළියත් ජීවිතයට ලැබුණු  ශක්තියක්,මේ පරිසරයේ ඇති දුෂ්කර කමත් අප හැමට අනාගතයේ සවිමත් වීමට ලැබුණු ආශීර්වාදයක්.අද මට දැනෙන්නේ මම මේ පරිසරය අතහැර ගියා නම් ඒ ජීවිතයේ එන සැප පමණක් විදිනු කැමැත්තෙන් එන බාධක හමුවේ පලා ගියා වැනි හැගීමක්.නමුත් මම ගත් තීරණය ගැන අද ගොඩක් සතුටු වෙනවා.තව වසර 2ක් 3ක් පුරාවට  මේ වටිනා පරිසරයේ සුන්දරත්වය විදින්නට මෙන්ම මේ හරහා ජීවිතයට පන්නරයක් ගැනීමට ලැබුණු මගඟු අවස්ථාවට මම හදවතින්ම ගරු කරනවා.ඒ නිසා හැමවිටම වටිනා යමක් මේ තුලින් ජීවිතයට එකතු කරගන්න උත්සාහ ගත යුතුයි.ජීවිතය දිහා ආයෙමත් හැරී බලන්නට කිසිදිනෙක මම කැමති වෙන්නේ නෑ.මොකද ඒ අතීතය හැම විටම සුන්දර නොවුන නිසා.එත් අනාගතයේ අපි හැමෝටම කල හැකි,කල යුතු වැඩ බොහොමයි.ඒ දේ තම තමන්ගේ පෞද්ගලික සුඛ විහරණය උදෙසාම නැතිව,අපේ අනාගතය වගේම අපේ රටේ අනාගතය ගැනත් සිතා කළහොත්,අපි මේ ගෙවන ජීවිතයට වටිනාකමක් කවදාක හරි ලැබේවි.

4 comments:

  1. මමත් එලෙවෙල් මැට්ස් තෝරාගත්තේ පොඩිකාලේ ඉඳන්ම තිබ්බ ආසාවට ඉස්කෝලේ එලෙවෙල් පන්තියට ගියගමන් මැට්ස් සර් හැමෝගෙන්ම ඇහැව්වේ ඇයි මැට්ස් තෝරාගත්තේ කියල. එක එකා එක එක උත්තර දෙද්දී මම විතරක් කිව්වා පොඩිකාලේ ඉඳන් තිබ්බ ආසාවට කියල. මෙන්න සර් කාරය හෙන ගහන්න වගේ ඇහැව්වේ නැතැයි ගණන් වලට A තියනවද එහෙනම් කියල... මමත් හෙන මොරාල් පිට ඔව් තියනවා කිව්වා. එහෙම පටන් ගත්තු ගමන මමත් උඹ වගේම අග්නියට ඇවිල්ල නැවතුනා. අපි මේක අනාගතය වෙනුවෙන් ගොඩ නගමු මචං!!

    ReplyDelete
  2. මගේ හිතෙත් තිබ්බේ ඔය වගේම හැඟීමක්ම තමයි බෙනෝ........ මමත් කාලයක් යම් යම් හේතුන් මත(දන්නවනේ..ඔක්කොමල එහෙමනේ....) විශ්වවිද්‍යාලයටයි නේවාසිකාගාරයටයි සෑහෙන්න වෛර කරා...නැවතිලා ගෙදර ඉන්නත් හැදුව......අවුරුද්දක් කරපු වෙනස කියන්නේ.....දැන් නිවාඩුව දිග වැඩි වුනත් ඩීන්ට බනිනවා........මමත් හිතන්නේ මටත් විහිලුවට වගේ හරි(සියලුම උපකල්පන සත්‍ය නොවේ :ඩී) හොඳ නම් දරාපු විශ්වවිද්‍යාලයක් ආව නම්(සම්භාවිතාව ශුන්‍යයි) මේ ලබපු අත්දැකීම් නැතුව යනවා.......අනිත් එක කිව්වත් වගේ බොක්ක උනත් දෙන්න ඉන්න යාලුවෝ කට්ටියක් වෙන එකකට ගියානම් හම්බ වෙන්නත් තිබුන නොවෙන්නත් තිබුන...........ඉතින් අපිට තිබුන අඩුපාඩු අපේ ඉස්සරහ පරම්පරාවට නැතුව ඉගෙන ගන්න පුළුවන් පරිසරයක් හදන්න පුලුවන්නම් එක තමයි මට හිතෙන්නේ අපේ අතින් කෙරෙන්න ඕනේ දේ..........

    ReplyDelete
  3. ඔව් ඔව්.ඉන්න ටික කාලේ වැඩක් ඇති දෙයක් කොරල ගියොත් පස්සේ කාලෙක හරි අපිට සතුටු වෙන්න පුළුවන් මෙහෙම දෙයක් අපි කරානේ කියල...

    ReplyDelete