
මේක මාත් ලැබූ අත්දැකීම් එක්ක කියන්නේ..ලොකු ලොකු වචන නැතුවම කතාව කියාගන යන්නම්.මේ
සිද්ධිය හදුන්වනවා Computer vision syndrome (CVS) කියල.
ඕකේ සිංහල තේරුමකුත් ඇති.ඒක ඕනේ නෑ :D . මේකෙදි දක්නට
ලැබෙන ප්‍රධාන ලක්ෂණ තමා ඔලුවේ කැක්කුම,බොඳ වී
පෙනීම,බෙල්ලේ අමාරුව,ඇස් රතු වීම,ඇස් වලට වෙහෙසක්
දැනීම,ඇස් කේවීම,ඇස් වල වියලි ගතිය,ද්විත්ව පෙනීම සහ බහුදෘෂ්ටිකත්වය වැනි දේවල්. ඔබට මේ ලක්ෂණ වලින් එකක් හෝ ඇත්නම් කරන්ඩ ඕනේ වහාම අක්ෂි වෛද්‍යවරයෙකු හමුවෙලා ප්‍රතිකාර ප්‍රතිකාර ගැනීම.එහෙම එහෙම නැති වුනොත් ඔබට පෙනීම සදහටම නැති වෙන්න පුළුවන්.තාමත් බය නැත්තම් ඔය පහලින් තියන චායරූපේ බලල භය වෙන්ඩ :D.

ඉහත දක්වලා තියන ලක්ෂණ නැති යටත් කරන්ඩ වැඩ තියනවා.ඒ තමයි ඔබ පරිගණකය භාවිත කරන අවස්ථා දී එහි දීප්තිය අවම කර ගැනීම.ඊට අමතරව වෙලාවක් පරිගණකය භාවිත කිරීමට සිදු වුනොත් ඇස් වලට විවේකයක් ලබාදෙමින් ඔබේ කාර්යය කාර්යය සිදු කිරීම.මේකට කියනවා 20-20-20 නීතිය කියල.සෑම විනාඩි විස්සකට වරක් ඔබට අඩි විස්සක් (මීටර් හයක් පමණ ) පමණ දුරින් තිබෙන වස්තුවක් දෙස තත්පර විස්සක් පමණ වෙලා බලා සිටීම.ඕක තමා සම්මත නීතිය.ඕක පොඩ්ඩක් එහෙ මෙහෙ වුනාට කමක් නැතුවත් ඇති.මාත් ඔය හොයාගත්ත දේවල් නේ.වෛද්‍යවරයෙකුගෙන් අහලම බැලුව නම් තමයි සුදුසු ම. එත් මොන විදිහකින් හරි ඇස් වලට ඔය හා සමාන විදිහට විවේකයක් දීම අනිවාර්යයි. ඔබට ඒ වගේ දිගු වෙලාවක වැඩක් තියනවා නම්.මීටත් වඩා සුදුසු වෙයි ඔබේ වැඩේට හරියන කන්නාඩි යුගලක් ලබාගැනීම.මම නම් යෝජනා කරන්නේ හැම දෙනාම තමන්ගේ ඇස් වල අපහසුවක් ඇතත් නැතත් ඇස් පරික්ෂා කරගෙන ඒ සදහා පිළියම් හොයාගන්න එක හොදයි කියල.
මීට වඩා කියන්ඩ බලාපොරොත්තුවක් නම් නෑ.මොනවා වුනත් කීප දෙනෙක් හරි මේක කියවල තමන්ගේ ඇස් දෙක ගැන අවධානය වැඩි කරොත් ඔන්න මගේ උත්සාහය සාර්ථකයි.එහෙනම් ඔබේ අදහසුත් ලියල ම යන්ඩ ..ජය වේවා!!!.
මේ මාතෘකාව කාලීන උනේ නම් මීටත් අවුරුදු කීපයකට කලින් ඉදලයි.එත් අදටත් අදාලයි.කොම වුනත් හොද පොස්ට් එකක් පිහි තලයෝ :)
ReplyDeleteගොඩක් ස්තුතියි ඔබගේ අදහස් දැක්වුවාට ...
Deleteවටිනා ලිපියක්.... වසන්තයේ පැතුම් මල් පුදින සුබම සුබ නව වසරක් වෙවා...
ReplyDeleteසචිත් සහෝදරයා,ගොඩක් ස්තුතියි.ඒ වගේම ඔබටත් වාසනාවන්ත නව වසරක් වේවා.
Deleteමටත් තිබ්බ ඔය වගේ case එකක්. දැන් නම් අඩුයි.. හොද post එකක් :)
ReplyDeleteබොහොම ස්තුතියි මංජු ....
Deleteගොඩක් හොඳ වටිනා ලිපියක් මට කණ්නාඩි තිබිලත් මම දාන්නේ නා මේක කියෙව්වහමනම් ටිකක් බය උනා :D
ReplyDeleteහොද ලිපියක්, ගන්න දෙයක් තියනවා..
ReplyDeleteහැබැයි තව දෙයක් අහන්න තියනවා " ඔබ පරිගණකය භාවිත කරන අවස්ථා දී එහි දීප්තිය අවම කර ගැනීම" කියල කියල තිබුනා ගොඩාක් අඩු කරන එකත් හොද නෑ මම හිතන්නෙ. මොකද ගොඩාක් දීප්තිය අඩු කරල ටිකක් වෙලා කියවල බලන්නකො ගොඩක් වෙලාවට කදුලු එනව අස් වලින්.