ඔන්න ඉතින් අදත් ගෙදර ඉන්න ගමන් ලියන්න හිතුන ලස්සන මාතෘකාවක් ගැන.මේක ගොඩක් කාලෙක ඉදල ආව දෙයක්. ලංකාවේ තිබුනත් වර්තමානයේදී බොහෝ කතාබහට ලක්වෙනන පටන් ගත්ත ,ඒ හරහා බොහෝ නව නිර්මාණ කෙරෙන අංශයක්.ඒ තමයි Cover Songs,Cover Version එහෙමත් නැත්නම් Cover කියන්නේ.
මේ ගැන ගොඩක් දෙනෙක් දැන් හොදින් දන්නවා.එත් කමක් නෑ.මෙහිදී වෙන්නේ ජනප්‍රිය වුන හෝ වාණිජ වශයෙන් වර්තමානයේ හෝ මීට පෙර නිකුත් කරපු ඕනෑම (සිංහල,හින්දි,ඉංග්‍රීසි හෝ වෙනත් ඕනෑම භාෂාවක)
ගීතයක් අලුතින් ඉදිරිපත් කිරීම හෝ පටිගතකිරීම.මෙහිදී මුල් ගීතය අව්‍යාජ වූ නියම ගීතය ලෙස හදුන්වන අතර එහි ප්‍රතිනිර්මාණය කෙතරම් ජනප්‍රිය වුවද තරමක් අඩුවෙන් තක්සේරු කරනවා.මෙහිදී ප්‍රතිනිර්මාණය වන ගීතයේදී මුල් ගීතයට වැඩ වෙනස් වචන භාවිතා කිරීමත් සමහර අවස්ථා වල සිදුවෙනවා.එහෙම නැත්නම් තනුව වෙනස් කොට ගායනය සිදුවෙනවා. ඉතින් ඔහොමයි ඔය වැඩේ වෙන්නේ.
ඉතින් මට මේ ගැන කියන්න නිමිත්ත වුනේ මෑත කාලයේ ලංකාවේ Cover සංගීතය හරහා ගොඩක් ජනප්‍රිය වුන ජනක ක්‍රිෂාන්ත (ජනා) සහෝදරයයි.ඔහු විසින් ගායනා කල ගීත මම කලින් මගේ අඩවියේ පල කරා.ඉතින් ඔහුගේ එම ආකර්ශනීය වූ ගායන ශෛලිය මේ වනවිට ගොඩක් දෙනා වැළදගෙන ඉන්නවා.ඒ වගේම ඒ නිසාම ගොඩක් දෙනා පෙරට වඩා මේ Cover Songs ඉදිරිපත් කිරීමට උනන්දුව වැඩිවෙලා.youtube හරහා අපිට ඒ වගේ අනර්ග නිර්මාණ දකින්නට පුළුවන්.එවැනි නිර්මාණ කරුවන්ට තමන්ගේ දක්ෂතා තව තවත් වර්ධනය කරගැනීමට ශක්තිය ලැබේවා කියන ගමන්ම වැඩිපුර එවන් හොඳ නිර්මාණ Cover රසිකයන් වෙත ඉදිරිපත් කිරීමට හැකිවේවා කියල මම සුභපතනවා.
මෙන්න මට හම්බවුන අලුත්ම ගීත කීපයක්.
http://www.youtube.com/watch?v=PNKaprLJ530&sns=fb
ජනක ක්‍රිෂාන්තගේ ගීත.

About the author
admin had written 8 articles for Inspiration BlogDonec accumsan malesuada orcidonec sitmet eros lorem isum dolor amet incon. Adipiscing elit maurise pharetra magna accumsan. Malesuada orcdonec umet lorem doloronsec malesuada.
Related Posts
- මැරිලා ඉපදුන ජනක22/12/2012
Subscribe to:
Post Comments (Atom)
Post a Comment