ෆොටෝ ෂොප් පලවෙනි වැඩකෑල්ල

2 comments
මාත් මේ මහලොකු දැනුමක් ඇත්තෙක් නෙවෙයි.ආසාවට ඉගෙනගන්න ගමන් ඔයාලටත් වැදගත් වෙයි කියල හිතෙන හින්දා මේවා පල කරනවා.මුලින්ම සරල ලස්සන වැඩකින් පටන් ගමු.අපි කරන්න යන්නේ චායාරූපයකට Coloring Effect එකක් ලබා දෙන ඒක.පිළිවෙලට බලාගෙන යමු.ඔයාලත් අත්හදා බලන්නකෝ...මොකද බලාගෙන හිටිය කියලා කවදාවත්ම ෆොටෝෂොප් ඉගෙනගන්න බෑ.ප්‍රයෝගික වෙන තරමට ඉගෙනගන්න ලේසියි.

මේ චායාරූපය තමයි අපි වැඩේට යොදාගන්නේ.ඔබට එය මෙතනින් download කරගන්න පුළුවන්.


1 පියවර: මුලින්ම ඉහත චායාරූපය ෆොටෝෂොප් මත Open කරගන්න.



2 පියවර: Layer Palette එකේ පහලට ගොස් Hue/Saturation තෝරා එහි අගයන් පහත පරිදි ලබා දෙන්න.


3 පියවර: දැන් ඔබේ රූපය පෙනෙන්නේ මේ විදිහටයි.


4 පියවර: දැන් අලුතින් Layer එකක් ගෙන Hard Light Blend Mode ලබාදෙන්න.ඉන්පසු 40px Hard Brush එකක් ගෙන පහත පරිදි අලුත් Layer එක මත පාට කරගන්න.මෙයට ඔබ කැමති වර්ණ යොදාගන්න.


5 පියවර: දැන් Filter මෙනුවේ Blur>Gaussian Blur>90 pixels ලෙස සකසන්න.


දැන් ඉතින් වැඩේ අහවරයි.කලින් හිටිය අක්කා නෙවෙයි දැන් ඉන්නේ.බලන්නකෝ වෙනස
මුල් රූපය.

සකස් කල රූපය.

වැඩේ මරු නේද?ඔබත් අත්හදාබැලීම් කරන්න මේ ඔස්සේ.මේත් මම ඉගෙනගත්තු දෙයම නෙවෙයි.මාත් පොඩි වෙනස් කම් කරලා බැලුවා.ඉඟියක් දෙන්නම්.Blend Mode ඒක වෙනස් කර කර බලන්න.තවත් වෙනස් විදි මතු වෙයි.වැඩේ එල වගේ නම් comment එකක් දාලා යන්න අමතක කරන්න එපා.අපේ fb පිටුවත් තියනවා ඈ..ජය වේවා !!!!





2 comments:

  1. අන්න නියම වැඩක් එල එල

    ReplyDelete
  2. තව ලියමු, ජයෙන් ජය. ෆොටෝෂොප් නම් හැමෝටම වටිනවා.

    ReplyDelete