ගෙදරදීම කොන්ඩේ ටින්ට් කරගමුද?

2 comments
අදත් ෆොටෝෂොප් වලින් කරන්න පුළුවන් පොඩි ආතල් වැඩක් කියලා දෙන්නයි හදන්නේ.පහලින් තියන චායාරූපයේ කාන්තාවගේ කොණ්ඩයට වර්ණයක් දෙන්නයි හදන්නේ.කරන විදිහ පිළිවෙලට බලමු.


චයාරූපේ මෙතනින් download කරගන්න.

 1 පියවර: මුලින්ම ෆොටෝෂොප් මත චායාරූපය open කරගන්න.


2 පියවර: දැන් pen tool එක ගෙන එයින් ඔබට වර්ණ ගැන්වීමට අවශ්‍ය කොටස තෝරාගන්න.ඉන්පසු Ctrl+Enter මගින් තෝරා ගැනීම තෝරාගත් ප්‍රදේශය selection එකක් විදිහට පෙන්නුම් කරයි.


3 පියවර:දැන් ඔබ select කරගත් කොටස copy කරගන්න.ඉන්පසු අලුත් layer එකක් ගෙන ඒ මත select කල කොටස paste කරගන්න.


4 පියවර:දැන් Image>Adjustments>Vibrations ගොස් ඔබ කැමති වර්ණයක් ලබා දෙන්න.මෙය කරන්න ඕනේ අලුතින් ගත් layer එක මත ඉදන්මයි.


මෙන්න මෙහෙමයි එතකොට පෙනෙන්නේ.අපි අර select කරලා අලුත් layer එකේ paste කරගත්ත කොටස වර්ණ ගැන්විලා.මේක මෙහෙම තියන්න බෑ නේ.තව එක දෙයක් කරන්න ඕනේ.දැන් මේ රූපේ selection එකේ කොන් ටිකක් සුමට කරන්න ඕනේ.ඒ සඳහා eraser tool එක හෝ smuggle tool එක යොදාගන්න.මේකට නම් ටිකක් අතේ හුරුව ඕනේ හොදේ.ඒක තමන්ට සුදුසු යයි හැඟෙන විදිහට හදාගන්න.

5 පියවර:මෙහෙම සුමට කරාට පස්සේ අපි ඒ layer එකේ opacity එක රූපෙට ගැලපෙන පරිදි අඩු කරගන්න ඕනේ.මම නම් දැම්මේ 68 ක්.මෙන්න මම හැදුව අවසන් රූපේ.


අක්කගේ කොන්ඩේ පාට වෙලා නේද?ඔබත් අත්හදා බලලා වැඩේ හොඳද කියන්නකෝ.ජය වේවා!!!

2 comments:

  1. ඉඳකින් බං......මං හිතුවේ හයිඩ්‍රජන් පෙරොක්සයිඩ් වත් දාල ඇත්තටම ටින්ට් කරනවා ඇති කියල.....මටත් අසයි ඔය චායාරූප කඩේ ගැන ඉගෙන ගන්න.කොහෙද මං ළඟ චායාරූප කඩේ සේටප්පුව නෑනේ.........ලින්කුවක් එවපන්කෝ බාගන්න.....

    ReplyDelete
  2. මගෙ ගාවත් තියෙන්නේ කොහෙන්දෝ හම්බවෙච්ච පොර්ටබල් කැල්ලක්.සේටප්පුවක් හම්බ වුනොත් උබට ලින්කුව එවන්නම්කො.

    ReplyDelete