මෙහෙමයි වැරදුනේ.

2 comments



ඔන්න ඉතින් උදේ පාන්දරම හොඳ කෙලියක් වුනා.අලුතින් කැමරාවක් ගන්න අදහසක් තිබුන හින්ද ඒ අංශයේ ප්‍රවීනයෙක් ලෙස මා ගරු කරන  %$#8()% මහත්මයාගෙන් මම ඊයේ ඒගැන විමසා සිටියා.එතුමා කාර්යබහුල නිසා මට කියා සිටියා මූණු පොතේ PHOTO-TALK පිටුවට ගිහින් විස්තර බලන්න,ඉඩ ලැබුණු වෙලාවක පිළිතුරු දෙන්නම් කියා.ඉතින් අද උදේ පාන්දරම කට කෙල පෙරගෙනම මූණු පොත පැත්තේ සංචාරයක් දැම්මේ මගෙ ප්‍රශ්නෙට පිළිතුරු හම්බවෙලාද බලන්නත් එක්කම.
            එතුමා සෑහෙන ලොකු විස්තරයක් එවල තිබුනා ඒ ගැන.මම එතුමාට ස්තුතිවන්ත වෙලා මගේ මූණු පොතේ තියන චායාරූප එකතුවේ ලින්කුව එතුමාට යැව්වා අඩුපාඩු පොඩ්ඩක් බලලා කියන ලෙස.ඒ වෙලාවේ ඔහු මට වටිනා උපදෙසක් දුන්නා.ඒ තමයි "අපි හැමෝම දන්නා සියුම් දේ තුලින් නොදන්න පරතෙර හොයාගෙන යන මිනිස්සු,ඒ නිසා නොදන්න දේ ගැන හිතන්න එපා.අපි හැමෝම දන්නා දේ තමයි වැදගත් " කියලා.ඇත්තටම අපිට දන්න පොඩි යමකින් වුනත් කාට හරි ප්‍රයෝජනවත් වෙන දෙයක් කරන්න පුළුවන් නේ.නොදන්න දේ හෙමීට ඉගෙනගන්න අතරේ අපි දන්නා පොඩි දේ ප්‍රගුණ කරගත්තොත් ගොඩක් වටිනවා කියල මට තේරුණා.ඉතින් තව ටිකකින් එතුමා මගෙ පිටුවේ තිබුණ චායාරූපයකට like එකක් එහෙම දාලා කොමෙන්ටුවකුත් දැම්ම "මේ චායාරූපේ ඔබගේ නමින් මගෙ බ්ලොග් එකේ පල කරාට කමක් නැද්ද කියලා".
           හතිලව්වයි.එතකොට තමයි දැක්කේ ඒක මම ගත්ත චායාරූපයක් නොවන බව.මම ඉදල හිටලා අන්තර්ජාලයේදී  හම්බවෙන ලස්සන චායාරූපත් මගේ පිටුවේ දානවා.ඒක එහෙම එකක්.මොනවා වුනත් ඒ වැඩෙන් අපි දෙන්නම අපහසුතාවයකට පත් වුනා.ඉතින් ඒ වැඩෙන් පාඩමක් ඉගෙනගෙන මම හිතාගත්තා අනුන්ගේ ඒවා නම් මගෙ පිටුවේ දන්නේ නෑ කියලා....අනුන්ගේ ඒවාගෙන් ගන්න පුළුවන් අදහසක් අරගන ස්වනිර්මාණ කරත් 100% copy නම් ආයේ දන්නේ නෑ ඔන්න.  


2 comments:

  1. වැදගත් අදහසක්. අපි නිර්මාණයක් කරලා නෙට් එකෙන් අහුලා ගත්තු ෆොටෝ එකක් දානවා. මමත් ළගකදී තමයි පුරුදු උනේ ගත්ත තැන දාන්න.

    ReplyDelete
  2. චායාරූප කලාව ගැන නොතේරෙන දෙයක් තියනවනම් මගේ ඒ ගැන කිසිම දෙයක් ඇහුවේ නැතුවට කමක් නෑ.............. මොකද මං ඒ ගැන මෙලෝ දෙයක් දන්නේ නෑ............

    ReplyDelete