youtube පැත්තෙන් හම්බ වුන සුපිරිම වීඩ්යෝ ටිකක්.

0 comments
ඒකාකාරී වුන සින්දුම ඇහෙන මේ කාලයේ සෑහෙන වෙනසක් දැනෙයි මේ ටික ඇහුවම.

අජිත් කුමාරසිරි.වෙනස්ම වුන සංගීත කලාවක්..ඔහු ගේ ගීත වල තියෙන්නේ අප වටා සමාජයේ එදිනෙදා අපි මුහුණපාන දේවල්.වෙනස්ම වුනු වචන,තනු සමග ඔහුගේ මේ ගීත කලාවට සමහරු අකමැති වෙයි.එත් ඒ ගීත අහලම ඒ සුන්දරත්වය විඳගන්න...



අමිල සඳරුවන්.ජෝන් සීනා ගීතයෙන් ජනප්‍රිය වුන ඔහුගේ ශෛලියත් අපූරුයි.මම කාලෙකින් ඇහුව සුපිරිම කටහඬක්.ඒකාකාරී නැති දෙයක් හින්දා හැමෝම කැමති වෙයි.මොහුගේ තවත් ගීයක් තමා "සාමාන්‍ය ජනතාව සමානයි මගේ පෙම්වතිය".



Beat Box කියන්නේ ලංකාවේ ගොඩක් ප්‍රචලිත නැති කලාවක්.එත් අපේ රටෙත් ඉන්න වැඩ්ඩො ටිකක් සෙට් වෙලා තමයි Voice print කියන සංගීත කණ්ඩායම නිර්මාණය කරලා තියෙන්නේ.මේ ඔවුන්ගේ රම්බරී ගීතයේ Cover ඒක.බලලා ම කියන්නකෝ හොදද කියල.



නදීක ගුරුගේ.මොහු ලගදී කරලියට ආවත් ලංකාවේ ඉන්න පට්ටම සංගීත නිර්මාණශිල්පියෙක්.ඔහුගේත් රටාව අන් අයට වඩා සම්පූර්ණයෙන්ම වෙනස්.ලංකාවේ මේ වගේ දක්ෂයෝ ඉන්න එක ගැන අපි සැහෙන ආඩම්බර වෙන්න ඕනේ.





Post a Comment