ඔබේ ඇස නොගැටුණි.

3 comments

ඔන්න ඉතින් යක්ෂයා නහුතෙටම නැග්ග වෙලාවක තමා මේක ලියන්නේ ඈ..
හැබැයි කාටවත් මඩ අපි ළඟ නෑ නේ.කියන්න තියන එක මහ රජ්ජුරුවෝ ආවත් අපි මූණටම කියනවා.
දැන් අපි කැම්පස් ගිහින් අවරුදු එක හමාරක් විතර වෙනවා.එත් රටේ කව්රුත් නොදැකපු,නොවිඳපු දේවල් මේ ටික කාලේදී අපි වින්දා.ඒ සේරම පට්ට කටු වුනත් ඒ කටු උඩම ඉඳගෙන ඉඳලා එයින් දැනුනු වේදනාව දැන් හුරු වෙලා..

එකම විශ්ව විද්‍යාලයක වෙන්වූ පීඨයක,වෙන්වූ පරිසරයක කොන්වූ පිරිසක් ලෙස ඉන්න අපි ඒ හැමදේම ඉවසුවේ හිතේ සතුටින් කිව්වොත් මම 100% වැරදී.මොකද එහෙම කිව්වොත් අපේ උන් මගෙ ලඟට ඇවිත් අමතයි උබට පිස්සුද #*%$&^*...කියලා.අපේම විශ්ව විද්‍යාලයේ අනිත් උන් අපිට වඩා ටිකක් හෝ සැපෙන් ඉද්දි අපි උන්ට වඩා ගොඩක් දුක් වින්දේ ඉගෙනගන්න ඇති වුන ආසාව නිසාම මිස හැම එකාටම ඇතිවුන විශ්ව විද්‍යාල සංස්කෘතියටම වෛර කරන මූසල හැගීම නැතිව නොවේ...මේක කාගෙවත් හිත ගන්න කියන දුක් අදෝනාවක් නෙවෙයි.සමහරු සමහර දේ ගැන හිතාගෙන ඉන්න මානසිකත්වය තරමක් හෝ වෙනස් කිරීමට ගන්නා උත්සාහයක්.
                                          මොකක්ද බොල මේ කියවන්නේ?මූට පිස්සුද කියල හිතෙන අයත් ඇති.ලංකාවේ කොනකට වෙලා නාදුනන මිනිසුන් ගොඩක් මැද අපි හැමෝවම තනි කරලා අපේ දෙමව්පියෝ ගියේ දැන් රටේ ආරක්ෂාවත් හොදයි නේ,උඹලාට බයවෙන්න දෙයක් නෑ කියලයි.දෙයියනේ කියලා අපේ තනියට අපි කතා කරන භාෂාව වත් දන්නා ටික දෙනෙක් හිටියා.ඒක හින්ද අපිට හිතට පොඩි හරි සහනයක් තිබුනා.ඔවුන්ගේ වටිනාකම හැමදාටම අපේ හදවත් වල සටහන් වෙලා තියනවා.
උඹලාට නේවාසිකාගාර අලුතින් හදනවා,ඒක හින්දා මේවගේ ටික කාලයකට හිටපල්ලා (ඔය කතාව කියලා දැන් අවරුදු එක හමාරක්) කියලා අපිව ගෙනල්ලා දැම්මේ (ළඟදී දැනගත් පරිදි) යුධ කාලයේදී මිනිසුන් කපා කොටා මරා දමලා,සමහරු එල්ලිලා මැරිලා හිටිය ලේ විල් වුනු අතහැරලා දමා තිබ්බ ගෙවල් කීපයකට.ඒ වෙද්දී අපේ ජේෂ්ඨ ශිෂ්‍යයනුත් හිටියේ එම නිවාස වලයි.මකුළු දැල් වලින් පිරී තිබුණු,දුවිල්ලෙන් පිරුණු විශ්ව විද්‍යාලයට ළමයි එන හින්දා කියලා වත් මෙව්වා සුද්ද කරලා තිබ්බේ නෑ හරිය. කොහොම හරි ඒවා හෙමීට සුද්ද කරගෙන අපිත් වාසයට හුරු වුනා.දෙන්නෙක්ට වාසය කරන්න ඉඩ තිබුණු මේ ගෙවල් වල එක කාමරයක හය දෙනෙක් හිටියේ පට්ටම සහයෝගයෙන්.මොනවා වුනත් ඒ බැඳීම තවමත් අපේ ජීවිත වල ඉතුරු වෙලා තියනවා.සමහර දවසට ඇඳක පෙරලිලා මනෝ පාරක් ගහගන ඉන්න වෙලාවක වහලේ උඩින් යන සර්පයෙක් දැක එකෙක් මර හඬ දෙනවා.එදාට එලි වෙනකල් නින්දක් නැතුව උඩ බලාගෙන ඉන්නවා.
                පාඩම් කරන්න ගත්තම එන මදුරු සේනාව අපි එකෙක් උස්සගෙන යන්න තරම් බලවත්.ඒ වෙලාවට ඉතින් වටේ පිටේ තියන දෙයක් අහුලාගෙන ගිනි ගොඩක් ගහගන්නවා.මදුරු දඟර විසයි කියනවා නේ.පාඩම් කරන්න කිසිම සුදුසු වටපිටාවක් නැති උණු අපිට නවක වදය වදයක්ටත් වඩා වින්දනයක් වුනේ මේ දුකට වැඩ නවක වදය හොඳ යයි හිතුනු හින්දා වෙන්න ඇති.ජීව විද්‍යාව කරන උන්ට විෂයන් 15ක් 16ක්,භෞතික විද්‍යාව කරන උන්ටත් විෂයන් 13ක් 14ක් සෙට් වෙනවා.මෙව්වා එකිනෙකට හාත් පසින්ම වෙනස් එව්වා හින්දා පාඩම් කරන්න ගියාම ඇඩිලා ආපහු ඇඩෙනවා.මේ වගේ වටපිටාවක කොල්ලෝ හිටියේ.කොල්ලෝ ටික පීඨයට ආසන්නයේ හිටියත් කෙල්ලෝ ටික හිටියේ ඊටත් එහායින් ගම මැද්දට වෙන්න.අපිට වගේම උන්ටත් ප්‍රශ්න.හැම ගමකම නාහෙට අහන්නැති උන් ඉන්නවා නේ.ඒ පැති වලත් එහෙමයි.උන් අතින් හිංසන වලට ලක් වුනු අපේ කෙල්ලෝ තවමත් එහිම වාසය කරන්නේ උන්ගේ තියන එඩිතර කම වගේම ආත්ම විශ්වාසය හින්දයි.එත් තවමත් උන්ගේ ජීවිත වලට තියන අවදානම ගැන බලන්න මොකෙක් වත් නෑ.
                          කන බොන දේවල් ගැන නම් කතා නොකරන්නේ අපේ උන් කන්න නැති වුනොත් වටේ පිටේ තියන ගහක කොළ අතු කාලා හරි ඉන්න පුළුවන් ශක්තියකින් ඉන්න හින්දා.හරියට කැන්ටිමක් නැති කමින් බඩගින්නේ හිටිය වේල් ගණන අම්බානක්.මම අහන්නේ එකම දෙයයි.එත් ඒ කාගෙන්ද කියන දේ තමයි ප්‍රශ්නේ.මොකද අපි කියන දේවල් අහන්න කව්රුත් න නොවැ. ලොල්....අපි දුක් වින්දා කියලා අපෙන් පස්සේ එන උන්ටත් මේ ටිකම වෙන්න තියන්න ඕනෙද?මේවා ගැන අවදානය රජය වත් යොමු නොකරන වෙලාවක මම බූත කියෙව්වා ඇති කියල හිතනවා.මේකයි ඇත්ත.මීට වඩා කියන්න දේවල් තිබුනත් ඒවා ඕනේ නෑ කියලා හිතනවා.අපේ රටේ අධ්‍යාපනයට මොක වෙලාද මන්ද?මොක වුනත් අපිට මොකෝ.අපි දෙන දේ කාගෙන වෙන දේ බලාගෙන ඉන්ට නේ ඉගෙනගෙන තියෙන්නේ.ජය වේවා!!!!

3 comments:

  1. මේ ගැන කතාකරනවානම් ගොඩක් දේවල් තියෙනවා. කතා නොකරන එක තමයි වැරැද්ද. ඉවසමු බැරි උනොත් බලමු.

    ReplyDelete
  2. බැරි උනොත් බලමු කියන තැන මමත් හිටිය මචන්........... එත් මන් හිතන්නේ නෑ අපිට ඒ නැගී සිටීම කරන්න පුළුවන් වෙයි කියල.........මොකද දවල් වැටුන වලේ රෑ වැටෙන්න බෑනේ(එක එක දේවල් උනානේ පහුගිය කාලේ).......දැන් තියන්නේ......දෙයියනේ කියල වෙන දෙයක් බලන් ඉන්න.....එක අතකට බලනකොට මේ වගේ පාරවල් හැදෙන ගුවන්තොටුපලවල් වරායවල් හැදෙන........මහබැංකුව කියන විදිහට සංවර්ධිත රටක මේ වගේ සුළු සුළු අඩුපාඩු ගැන කතා කරන එක ගැන අපි ලජ්ජා වෙන්න ඕනේ.......නිකමට හිතල බලපන් දැන් සෙමෙස්ටර් දෙකක් යන්න අවුරුදු එකහමාරක් ගියා........අනික පොඩ්ඩන්ට නේවාසිකාගාර හොයන්න ගන්නේ උන් අවට පස්සේ.........කාට කියන්නද මේ දුක..........

    ReplyDelete
  3. මෙව්වට අර මං කියපු **** කැම්පස් කියල කියන්ඩ කට නලියනවා .. ඒත් මං කියන දේ අපෙ අන් ටික අරෙන්ඩ වෙන මොන *** අහන්ඩද කියල හිතුනම සංසාරෙම එපා වෙලා කට පියන් ඉන්න එක හොදයි කියල හිතෙනව මචෝ..!

    ReplyDelete